AFC Banner
AFC Banner
Empty Ad

පෙම්වතාගේ පිහි පහරින් පෙම්වතිය මරු වැළඳගනී

පිහි ප්‍රහාරයකට ලක් වූ තරුණියක් රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල, බටකැත්තර ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණියක් වන අතර, පිහි ප්‍රහාරය එල්ලකර ඇත්තේ ඇයගේ 24 හැවිරිදි පෙම්වතා බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් දෙදෙනා අතර වසර තුනක පමණ සිට ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දින කිහිපයක සිට තරුණිය පෙම්වතාව මඟහැරීමට පටන්ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් විමසීම සඳහා ඔහු අද (07) පෙරවරුවේ ඇයගේ නිවසට පැමිණ ඇත්තේ වෙළඳසැලකින් පිහියක් ද මිලට ගෙනයි.

නිවසට පැමිණි පෙම්වතා සහ පෙම්වතිය අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර, එම අවස්ථාවේ දී පෙම්වතා විසින් පෙම්වතියට මෙම පිහි ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

පිහි ප්‍රහාරයට ලක් වූ තරුණිය එම අවස්ථාවේදීම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, ඇයව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේ දී ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

අපරාධය සිදුකළ පෙම්වතා යතුරුපැදියකින් පළායාමට උත්සාහකර ඇති අතර, එම අවස්ථාවේ දී ඒ අසල සිටි පිරිසක් ඔහුව අල්ලාගෙන පිළියන්දල පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව කළුතර ප්‍රදේශයේ පදිංචි සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු හෙට (08) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
3
+1
9
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?