පෙම්වතාගේ පිහි පහරින් පෙම්වතිය මරු වැළඳගනී

පිහි ප්‍රහාරයකට ලක් වූ තරුණියක් රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල, බටකැත්තර ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණියක් වන අතර, පිහි ප්‍රහාරය එල්ලකර ඇත්තේ ඇයගේ 24 හැවිරිදි පෙම්වතා බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් දෙදෙනා අතර වසර තුනක පමණ සිට ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දින කිහිපයක සිට තරුණිය පෙම්වතාව මඟහැරීමට පටන්ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් විමසීම සඳහා ඔහු අද (07) පෙරවරුවේ ඇයගේ නිවසට පැමිණ ඇත්තේ වෙළඳසැලකින් පිහියක් ද මිලට ගෙනයි.

නිවසට පැමිණි පෙම්වතා සහ පෙම්වතිය අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර, එම අවස්ථාවේ දී පෙම්වතා විසින් පෙම්වතියට මෙම පිහි ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

පිහි ප්‍රහාරයට ලක් වූ තරුණිය එම අවස්ථාවේදීම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, ඇයව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේ දී ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

අපරාධය සිදුකළ පෙම්වතා යතුරුපැදියකින් පළායාමට උත්සාහකර ඇති අතර, එම අවස්ථාවේ දී ඒ අසල සිටි පිරිසක් ඔහුව අල්ලාගෙන පිළියන්දල පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව කළුතර ප්‍රදේශයේ පදිංචි සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු හෙට (08) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27