පෙන්ෂන් ඉංජිනේරුවාගේ ගෙදර සුද්ද කළ මෙහෙකාරිය අත්අඩංගුවට

හලාවත, අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික ඉංජිනේරුවරයකුගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 14ක රන් ආභරණ සොරාගෙන තවත් පුද්ගලයෙකු හා එක්ව ඒවා අලෙවි කළ නිවසේ මෙහෙකාර සේවයට සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හලාවත මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශ අංශ නිළධාරින් විසින් සැකකාර මෙහෙකාරිය සහ අනෙක් පුද්ගලයා ඊයේ (16) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය හලාවත, ලංසියාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවයි වාර්තා වන්නේ.

75 හැවිරිදි විශ්‍රාමික ඉංජිනේරුවරයා තම බිරිද හා දරුවෙකු සමග මෙම නිවසේ පදිංචිව ඇති අතර, සැකකාර මෙහෙකාර කාන්තාව මීට මාස කිපයකට පෙර රැකියාව සදහා අදාළ නිවසට පැමිණ ඇති අතර, ඇය අවස්ථා දෙකක දී මෙලෙස ලක්ෂ 14කට ආසන්න රන් ආභරණ සොරකම් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස සොරාගත් භාණ්ඩ තවත් අයෙකු සමඟ එක්ව සැකකාරිය හලාවත නගරයෙ රන් ආභරණ උකස් ගන්නා ස්ථානයකට විකුණා ඇති බවට හෙළිව තිබෙනවා.

අඩංගුවට ගත් සැකකාර මෙහෙකාරිය සහ අනෙක් සැකකරු අද (17) දින හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33