AFC Banner
AFC Banner
Empty Ad

පෙට්‍රෝලියම් වායුව රැගත් බවුසරයක් පිපිරීමෙන් 15ක් මරුට

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර රෝහලක් අසල බවුසරයක් පිපිරීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් 40 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

ටැම්බෝ අනුස්මරණ රෝහලට මීටර් 100ක් පමණ දුරින් බොක්ස්බර්ග් නගරයේ මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

බවුසරය ගුවන් පාලමක් යට සිරවී ඇති අතර පිපිරීමෙන් පසු එහි කොටසක් ද කඩා වැටී ඇතැයි සඳහන්.

බවුසර් රථයේ තිබී ඇත්තේ ද්‍රව පෙට්‍රෝලියම් වායුවක්.

උමං පාලම යටට රථය සිරවී ඇති අතර, ඝර්ෂණය හේතුවෙන් එයට ගිනිගෙන ඇති බවයි හෙළිවී ඇත්තේ.

ගිනි නිවන භටයින් ගින්න නිවා දැමීමට උත්සාහ කරන විට, පුපුරා ගොස් ඇති අතර ඉන් ගිනි නිවන රථයක් සහ මෝටර් රථ දෙකක් විනාශ වී තිබෙනවා.

පුද්ගලයන් 19 දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන අතර තවත් 15 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?