පෙට්‍රල් දමා ගිනිතබා යාචකයෙක් ඝාතනය කරලා

හෝමාගම මූලික රෝහල අසල පිහිටි රසායනාගාරයක් ඉදිරිපිට සිටි යාචකයෙකුට පෙට්‍රල් දමා ගිනිතබා ඝාතනය කළ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ යාචකයා රසායනාගාරයක් ඉදිරිපිට නිදා සිටිය දී සැකකරු විසින් ඊයේ (29) රාත්‍රියේ පෙට්‍රල් වත්කර මෙලෙස ගිනි තබා ඇති බවයි වාර්තා වුණේ.

ගිනි තැබීමෙන් පිළිස්සුම් තුවාල ලැබූ යාචකයා අසල්වාසීන් එක්ව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර ඔහු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (30) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 64ක පුද්ගලයක් බවයි හෝමාගම පොලිසිය සඳහන් කළේ.

අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු ගලවිලවත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි වියේ පසුවන අයෙක්.

ඉදිරි විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව හෝමාගම පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
3
+1
12
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03