කොවිඩ් එන්නත්කරණය ගැන අතිවිශේෂ ගැසට් නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද (05) පෙරවරුවේ නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ පූර්ණ එන්නත්කරණය රහිතව කිසිදු පොදු ස්ථානයකට ගමන් කිරීමට හෝ රැඳී සිටීමට හැකියාවක් නොමැති බවයි.
මෙලෙස පැන වූ සෞඛ්‍ය නව නීතිය අද සිට බලාත්මක වන අතර, දිවයිනේ කිසිදු ප්‍රදේශයක පිහිටි පොදු ස්ථානයකට පූර්ණ එන්නත්කරණයෙන් තොරව ගමන් කිරීමට නොහැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කළ නව ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ.
එම නව කොරෝනා සෞඛ්‍ය නීති උල්ලංඝනය කළහොත් දැඩි අයුරින් නීතිය ක්‍රියාත්මක කිරීමට ද පියවර ගනු ඇති.
එබැවින් මේ වනවිට කිසිදු එන්නතක් ලබා නොගත් සහ තවමත් බූස්ටර් එන්නතට යොමු නොවූවන්ට මෙම නිවේදනය අතිශය වැදගත් වන අතර, පූර්ණ එන්නත්කරණයට ලක් නොවුණහොත් කිසිදු පොදු ජනතාව ගැවසෙන ස්ථාන වෙත ගමන් කිරීමේ නිදහස සහ අයිතිය මෙමගින් අක්‍රීය වනු ඇති.
















