Empty Ad
AFC Banner
Empty Ad

තැපැල් ඡන්දයට දින දෙයි- පූනාකරි, මන්නාරම හා දෙහිඅත්තකණ්ඩියේ පුංචි ඡන්දය මැයි 06 (වීඩියෝ)

2025 මාර්තු මස 10 වැනි දින නාමයෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කළ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පූනාකරි ප්‍රාදේශීය සභාව, මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ප්‍රාදේශීය සභාව හා අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීම මැයි මස 06 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අද (27) මධ්‍යහ්න 12න් මෙම පළාත් පාලන ආයතන තුනෙහි නාම යෝජනා භාර ගැනීම අවසන් කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා නිවේදනය කරමින් මේ බව සඳහන් කෙරුණා.

මෙම පළාත් පාලන ආයතන ත්‍රිත්ත්වයෙහි ඡන්දය මැයි මස 06 වැනි අඟහරුවාදා පෙරවරු 07 සිට පස්වරු 04 තෙක් පැවැත්වෙනු ඇති.

එමෙන්ම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 339 හි තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අප්‍රේල් මස 07 වැනි දින එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලවල දී සිදු කරන බව සහ තැපැල් ඡන්ද සලකුණු කිරීම මතු දැක්වෙන පරිදි සිදු කරන බව ද නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ අනුව පළාත් පාලන ඡන්දය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට දින නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?