පුහුණුවීම්වලදී දිවියට සමුදුන් බෙන්ව පිටියේදී සිහිපත් කළ ජ්‍යෙෂ්ඨයන්

ක්‍රිකට් පුහුණුවීම් අතරතුර පන්දුවක් හිසේ වැදීමෙන් ජිවිතක්ෂයට පත් වූ බෙන් ඔස්ටින්ට ගෞරව දැක්වීමක් ලෙස ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ඊයේ (31) පැවති දෙවන විස්සයි විස්ස තරගය ආරම්භයට පෙර දෙපිළේ ක්‍රීඩකයින් විසින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබුවා.

පසුගිය 28 වැනිදා මෙල්බන් නගරයේ ගෘහස්ත ක්‍රීඩා පිටියක් තුළදී පුහුණුවීම් සිදුකරන අතරතුර පන්දුව හිස සහ ගෙල ප්‍රදේශයට වැදීමෙන් සිදු වූ අනතුරක් නිසා 17 හැවිරිදි බෙන් ඔස්ටින් රෝහල් ගතකර ප්‍රතිකාර ලබාදෙමින් සිටින අතරතුර දී ඔහු ජිවිතක්ෂයට පත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?