පුස්සැල්ලාවේ අනතුරක් – සීයාට සහ මුණුපුරාට දිවි අහිමිවෙයි

පුස්සැල්ලාව, හෙල්බොඩ ප්‍රදේශයේ දී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළීයාමෙන් ඊයේ (14) පස්වරුවේ අනතුරක් සිදු වුණා.

මෙම අනතුරින් දෙදෙනෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වැන් රථයේ ගමන් ගත අවුරුදු දෙකක කුඩා දරුවෙක් සහ එම දරුවාගේ 70 හැවිරිදි සීයා මෙලෙස මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අනතුරින් තවත් පස්දෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

නුවරඑළිය ප්‍රදේශයේ සිට කුරුණෑගල ප්‍රදේශයට ගමන් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති අතර, මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ එකම පවුලේ පිරිසක් ගමන්ගත් වෑන් රථයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?