Empty Ad
AFC Banner
Empty Ad

පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් තුළ තරුණයෙක් ඝාතනය කරලා – තිදෙනෙක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ, වෑගොව්ව ප්‍රදේශයේ පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකුට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (29) දින මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හිමිකරු බව කියන කපුවෙක් සහ ඔහුගේ ගෝලයින් දෙදෙනෙක්.

පහර කෑමට ලක්වූ පුනරුත්ථාපනය වෙමින් සිටි තරුණයා පෙරේදා (28) රාත්‍රියේ සැකකරුවන් විසින් ම රෝහල් ගතකර ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇති බවට විමර්ශනවල දී අනාවරණය වූ බවයි මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කළේ.

මේ අතර මෙම අපරාධයට සම්බන්ධ බව කියන තවත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා අද (30) දිනයේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගැනීමට නියමිතයි.

මෙම පහරදීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තරුණයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?