පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් තුළ තරුණයෙක් ඝාතනය කරලා – තිදෙනෙක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ, වෑගොව්ව ප්‍රදේශයේ පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකුට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (29) දින මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හිමිකරු බව කියන කපුවෙක් සහ ඔහුගේ ගෝලයින් දෙදෙනෙක්.

පහර කෑමට ලක්වූ පුනරුත්ථාපනය වෙමින් සිටි තරුණයා පෙරේදා (28) රාත්‍රියේ සැකකරුවන් විසින් ම රෝහල් ගතකර ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇති බවට විමර්ශනවල දී අනාවරණය වූ බවයි මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කළේ.

මේ අතර මෙම අපරාධයට සම්බන්ධ බව කියන තවත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා අද (30) දිනයේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගැනීමට නියමිතයි.

මෙම පහරදීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තරුණයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18