පුනර්ජනනීය බලශක්තිය ගැන රජයේ වැඩපිළිවෙළට නැගෙනහිර සූදානම පිළිබඳ සාකච්ඡාවක්

2030 වසර වන විට මෙරට සමස්ත විදුලිබල උත්පාදන අවශ්‍යතාවයෙන් 70% පුනර්ජනනීය බලශක්තින් මගින් සපුරාගැනීමේ රජයේ වැඩපිළිවෙළට නැගෙනහිර පළාත සූදානම් කිරීම සඳහා සහ නව ඉන්ධන පිරිපහදුවක් සමඟ නිර්මාණය වන ත්‍රිකුණාමලය සංවර්ධන සැලසුම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

බලශක්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී එම සාකච්ඡාව සිදු කෙරුණේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන්.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා, පළාත් ලේකම්වරයා සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා මෙන්ම විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ද එක්ව සිටියා.

නැගෙනහිර පළාතට සැලසුම් කර ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය සහ ඒවා කඩිනම් කිරීමට අවශ්‍ය කටයුතු, ඒ සඳහා වන ඉඩම් අවසරයන් සහ අනෙකුත් යටිතල පහසුකම් ලබා දීම සහ නව ආයෝජකයන් මෙම ව්‍යාපෘති සඳහා ආකර්ෂණය කරගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

මෙම ව්‍යාපෘති කඩිනමින් කිරීම සඳහා නැගෙනහිර පළාත වෙනුවෙන්ම විදුලිබල මණ්ඩලයේ විශේෂ නියෝජිතයන් පත් කිරීමටයි යෝජනා වූයේ.

ත්‍රිකුණාමලය, බලශක්ති කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ රජයේ වැඩසටහන පිළිබඳව සහ එමගින් විවෘත වන නව බලශක්ති සහ විදුලිබල වැඩසටහන් පිළිබඳව ආණ්ඩුකාරවරයා සමඟ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?