පුද්ගලික රක්ෂණ ආයතනයක හැටන් ශාඛාවෙන් බරපතළ මූල්‍ය වංචාවක් ?

හැටන් නගරයේ පිහිටි පෞද්ගලික රක්ෂණ ආයතනයක ශාඛාවක් විසින් ගණුදෙණුකරුවන්ට මුදල් වංචාවන් සිදුකර ඇති බවට ලද පැමිණි කිහිපයක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

හැටන් සහ දිඹුල පතන පොලිස් ස්ථාන වෙත ගණුදෙණුකරුවන් විසින් අදාළ පැමිණිලි සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එම රක්ෂණ ආයතනය විසින් වැඩි පොළියක් ගෙවන බව පවසමින් ගණුදෙණුකරුවන්ගෙන් ස්ථිර තැන්පතු ලබාගෙන ඇති අතර, එම මුදල් ලබා ගැනීම වෙනුවෙන් අදාළ ආයතනයේ සේවය කරන බව කියන සේවක සේවිකාවන් ගණුදෙණුකරුවන් වෙත යවා එම මුදල් ලබාගෙන ඒ සදහා ආයතනයෙන් නිකුත් කරනු ලබන රිසිට්පත් ද ලබා දී තිබෙනවා.

ස්ථිර තැන්පතු සඳහා ප්‍රමුඛතාවයක් ලබාදෙමින් එම රක්ෂණ ආයතනය විසින් හැටන් ඇතුළු අවට නගරවලට ගොස් ප්‍රවර්ධන කටයුතු පවා සිදුකරමින් එම ආයතනය වෙත තැන්පත් මුදල් ලබාගෙන ඇති බවයි වාර්තා තොරතුරු වන්නේ.

එම ස්ථිර තැන්පතුවේ කාල සීමාව අවසන් වීමෙන් පසු එම පොළි මුදල් ලබාගැනීමට ගණුදෙණුකරුවන් එම රක්ෂණ ආයතනය වෙත පැමිණ පරීක්ෂා කිරීමේ දී එම ගණුදෙණුකරුගේ නමින් ගිණුමක් හෝ ස්ථිර තැන්පතුවක් නොමැති බවට එම ආයතනයේ කළමණාකරු පවසා තිබෙනවා.

එම ගණුදෙණුකරුවන් ආයතනය විසින් නිකුත් කරනු ලැබූ රිසිට්පත් කළමණාකරු වෙත ඉදිරිපත් කිරිමේ දි කළමණාකරු ගණුදෙණුකරුවන් වෙත පවසා ඇත්තේ එම රිසිට්පත් තම ආයතනයෙන් නිකුත් කරනු ලබන රිසිට් පත් නොවන බවයි.

එම රිසිට්පත් සියල්ල ව්‍යාජ රිසිට්පත් බවත්, එම රිසිට් පත් තම ආයතනයේ සේවය කළ දැනට සේවයෙන් ඉවත් වී සිටින සේවක සේවිකාවන් කිහිපදෙනෙකු විසින් සකස් කරන ලද ව්‍යාජ රිසිට් පත් බවයි ඔහු පවසා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් තමන්ට වගකීම භාරගත නොහැකි බවත්, එම මුදල් සම්බන්ධයෙන් මුදල් ලබාගත් අයගෙන්ම විසදාගන්නා ලෙසට කළමණාකාරවරයා ගනුදෙනුකරුවන්ට පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප එම ආයතනයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ තම ආයතනයේ සේවය කළ ඇතැම් සේවක සේවිකාවන් විසින් ආයතනයේ නම් භාවිත කරමින් ව්‍යාජ රිසිට්පත් මුද්‍රණය කර ඇතැම් ගණුදෙණුකරුවන්ගෙන් වංචනික ලෙස ස්ථිර තැන්පතු මුදල් ලබාගෙන ඇති බවට තමන් වෙත ද පැමිණිලි කිහිපයක්
ලැබි ඇති බවයි.

එම සේවකයින් දැනට තම ආයතනයේ සේවයෙන් ඉවත් වී ඇති නිසා එම මුදල් සම්බන්ධයෙන් තම ආයතනයට වගකීම භාර නොගන්නා බව ද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?