පුද්ගලික රක්ෂණ ආයතනයක හැටන් ශාඛාවෙන් බරපතළ මූල්‍ය වංචාවක් ?

හැටන් නගරයේ පිහිටි පෞද්ගලික රක්ෂණ ආයතනයක ශාඛාවක් විසින් ගණුදෙණුකරුවන්ට මුදල් වංචාවන් සිදුකර ඇති බවට ලද පැමිණි කිහිපයක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

හැටන් සහ දිඹුල පතන පොලිස් ස්ථාන වෙත ගණුදෙණුකරුවන් විසින් අදාළ පැමිණිලි සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එම රක්ෂණ ආයතනය විසින් වැඩි පොළියක් ගෙවන බව පවසමින් ගණුදෙණුකරුවන්ගෙන් ස්ථිර තැන්පතු ලබාගෙන ඇති අතර, එම මුදල් ලබා ගැනීම වෙනුවෙන් අදාළ ආයතනයේ සේවය කරන බව කියන සේවක සේවිකාවන් ගණුදෙණුකරුවන් වෙත යවා එම මුදල් ලබාගෙන ඒ සදහා ආයතනයෙන් නිකුත් කරනු ලබන රිසිට්පත් ද ලබා දී තිබෙනවා.

ස්ථිර තැන්පතු සඳහා ප්‍රමුඛතාවයක් ලබාදෙමින් එම රක්ෂණ ආයතනය විසින් හැටන් ඇතුළු අවට නගරවලට ගොස් ප්‍රවර්ධන කටයුතු පවා සිදුකරමින් එම ආයතනය වෙත තැන්පත් මුදල් ලබාගෙන ඇති බවයි වාර්තා තොරතුරු වන්නේ.

එම ස්ථිර තැන්පතුවේ කාල සීමාව අවසන් වීමෙන් පසු එම පොළි මුදල් ලබාගැනීමට ගණුදෙණුකරුවන් එම රක්ෂණ ආයතනය වෙත පැමිණ පරීක්ෂා කිරීමේ දී එම ගණුදෙණුකරුගේ නමින් ගිණුමක් හෝ ස්ථිර තැන්පතුවක් නොමැති බවට එම ආයතනයේ කළමණාකරු පවසා තිබෙනවා.

එම ගණුදෙණුකරුවන් ආයතනය විසින් නිකුත් කරනු ලැබූ රිසිට්පත් කළමණාකරු වෙත ඉදිරිපත් කිරිමේ දි කළමණාකරු ගණුදෙණුකරුවන් වෙත පවසා ඇත්තේ එම රිසිට්පත් තම ආයතනයෙන් නිකුත් කරනු ලබන රිසිට් පත් නොවන බවයි.

එම රිසිට්පත් සියල්ල ව්‍යාජ රිසිට්පත් බවත්, එම රිසිට් පත් තම ආයතනයේ සේවය කළ දැනට සේවයෙන් ඉවත් වී සිටින සේවක සේවිකාවන් කිහිපදෙනෙකු විසින් සකස් කරන ලද ව්‍යාජ රිසිට් පත් බවයි ඔහු පවසා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් තමන්ට වගකීම භාරගත නොහැකි බවත්, එම මුදල් සම්බන්ධයෙන් මුදල් ලබාගත් අයගෙන්ම විසදාගන්නා ලෙසට කළමණාකාරවරයා ගනුදෙනුකරුවන්ට පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප එම ආයතනයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ තම ආයතනයේ සේවය කළ ඇතැම් සේවක සේවිකාවන් විසින් ආයතනයේ නම් භාවිත කරමින් ව්‍යාජ රිසිට්පත් මුද්‍රණය කර ඇතැම් ගණුදෙණුකරුවන්ගෙන් වංචනික ලෙස ස්ථිර තැන්පතු මුදල් ලබාගෙන ඇති බවට තමන් වෙත ද පැමිණිලි කිහිපයක්
ලැබි ඇති බවයි.

එම සේවකයින් දැනට තම ආයතනයේ සේවයෙන් ඉවත් වී ඇති නිසා එම මුදල් සම්බන්ධයෙන් තම ආයතනයට වගකීම භාර නොගන්නා බව ද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා නිසා සජිත්, සුජීව, වටගල පාර්ලිමේන්තුව යුද පිටියක් කරයි - මේ රටින් පැනලා යනවා නෙවෙයිනේ
06:11
Video thumbnail
එදා වෙ# නොතියා කඳුළු ගෑස් ගහන්න තිබ්බා - මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:00
Video thumbnail
ඉල්ලා අස් නොවෙන එක ලැජ්ජා නැති වැඩක්- අජිත් අධිකරණ ඇමතිට කටඋත්තර නැති කරයි
15:52
Video thumbnail
අධිකරණ ඇමති ගැම්මට කියපු දේ - 159ක් ඉන්නවනේ..මට කිසිම බයක් නෑ..ඉල්ලා අස් වෙන්නේ නෑ
01:15
Video thumbnail
අර්චුනාට වරෙන්තු නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - වරප්‍රසාද කඩවෙලා තියෙනවා
03:42
Video thumbnail
අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංග විවාදය අජිත් අරඹයි
03:32
Video thumbnail
අකරගම ප්‍රදේශිය රෝහලේ උණුසුම් තත්ත්වයක් - ඇයි යකෝ..මහලොකු උඹේ චණ්ඩිකම්
02:53
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල, කථානායක ඇතුළු ප්‍රබලයෝ එකට හමුවූ තැන
01:34
Video thumbnail
විදුලි සැර වැ# කාන්තාවක් එළොව යයි
01:08
Video thumbnail
චමින්ද - නාමල් උදෙන්ම පාර්ලිමේන්තුවේ පැටලෙයි..හොරකම ගැන පැහැදෙනකොට ඇමතිට දුක ඇති
09:37