AFC Banner
AFC Banner
Empty Ad

පුද්ගලයෙකු පොල්ලකින් පහර දී ඝාතනය කරයි

පොළොන්නරුව පොලිස් වසමේ කඳුරුවෙල මුස්ලිම් කොලනියේ හිට්‍රා මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ 46 හැවිරිදි ව්‍යාපාරිකයකු වන බවයි.

මෙම පුද්ගලයා නිවස ඉදිරිපිට දී පහර කෑමට ලක්ව ඇති බවත් පසුව මරණකරුගේ පුතා විසින් සිය පහරකෑමට ලක් වූ පියාව රෝහල්ගත කරන විට දී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පැවසෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු අද (06) සිදු කරන අතර මහේස්ත්‍රාත් පරීක්‍ෂණය ද සිදු කිරීමට නියමිතයි.

ඝාතනය කුමක් හේතුවෙන් සිදු වුණේ ද යන්න හෝ ඝාතකයින් කවුරුන් දැයි මෙතෙක් හඳුනාගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?