spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුතුන් දෙදෙනාගේ පිහි පහරින් පියා අවසන් ගමන් යයි

පවුල් ආරවුලක් ගැටුමක් දක්වා දුර දිග යාමෙන් ඌරුබොක්ක, කැටවලගම වැලිපතහේන නිවසක දරුවන් දෙදෙනකු හා මුණුපුරකු එකතු වී පොල්ලකින් හා පිහියකින් හිසට පහර සිය පියා ඝාතනය කර ඇතැයි ඌරුබොක්ක පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ (71) හැවිරිදි බෙරලපනාතර ,කැකුන්දෙණිය, කැටවලගම, වැලිපතහේන ලිපිනයේ පදිංචි තලවත්තගේ සිරිපාල නැමති දෙදරු පියකු බව පොලීසිය කියයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට වයස අවුරුදු 19,31,32 වයස් වල පසුවන බිරිදගේ පෙර විවාහයේ පුතෙක්, මිය ගිය පුද්ගලයාගේ පුතෙක් හා බිරිඳගේ පෙර විවාහයේ දියණියකගේ පුතකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මිය ගිය පුද්ගලයාගේ බිරිද ප්‍රදේශය හැර පලා ගොස් ඇති බව පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයා හා බිරිඳ අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ස්වාමිපුරුෂයා බිරිඳට පිහියකින් ගැසීමට උත්සාහ දැරීමේදී දරුවන් දෙදෙනා සහ මුණුපුරා පුරා එකතු වී පියාගේ බෙල්ලට ලණුවක් දමා ඔහු බිමට ඇද දමා පොල්ලකින් හා පිහියකින් හිසට පහර දී මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලීසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?