AFC Banner
Empty Ad
Empty Ad

පුතාගේ උපන්දින සැමරුමට වෙරළට ආ දෙදරු පියා රළ පහරට හසුවෙයි

තම පුත්‍රයාගේ උපන්දින සැමරුම වෙනුවෙන් පානදුර වෙරළට පැමිණ සිටි දෙදරු පියෙක් රළ පහරට හසුවී ගසාගෙන යද්දී නාවික හමුදාව විසින් බේරාගෙන තිබෙනවා.

පුත්‍රයාගේ දොළොස්වන උපන්දින සැමරුමට වෙරළට පැමිණ සෙල්ලම් කරමින් සිටියදී ඔහු මෙම අනතුරට ලක්වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔහු පානදුර කිරිබේරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.

වෙරළ තීරයේ සිටි නාවික හමුදා ජීවිතාරක්ෂක නිලධාරීන් විසිනුයි මෙම පුද්ගලයා බේරාගෙන ඇත්තේ.

මාතර කොළඹ පෞද්ගලික බස් රථයක රියදුරෙක් ලෙස සේවය කරන මෙම පුද්ගලයා සිය වැඩිමහල් පුත්‍රයාගේ උපන්දිනය වෙනුවෙන් බිරිඳ සහ දරු දෙදෙනා සමග පානදුර වෙරළට පැමිණි අවස්ථාවේදි මෙම සිදුවීමට මුහුණපා තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ක්‍රීඩා කරමින් සිටි බෝලය මුහුදට ගසාගෙන ගිය අවස්ථාවේ එය රැගෙන ඒමට උත්සාහ කිරීමේදී මෙලෙස රළ පහරට හසුවී මුහුදට ගසාගෙන ගිය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?