පුත්‍රයාගේ තියුණු ආයුධ ප්‍රහාරයෙන් 80 හැවිරිදි මවට දිවි අහිමි වෙයි

අහංගම, තිත්තගල්ල ප්‍රදේශයේ නිවසක කාන්තාවක් දෙදෙනෙක්ට නිවසක් තුළ දී තියුණු ආයුධ ප්‍රහාරයකටල ලක්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ (14) දිනයේ දී අහංගම පොලිසිය වෙත තොරතුරක් ලැබී ඇති අතර වහාම ක්‍රියාත්මක වූ පොලිසිය අදාළ නිවාස වෙත ගොස් අදාළ කාන්තාවන් දෙදෙනා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස රෝහලට ඇතුළත් කළ කාන්තාවන් දෙදෙනා අතරින් වයස අවුරුදු 80ක් වූ කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙම පහර දීම සම්බන්ධයෙන් 52 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මෙම පහර දීමෙන් ජිවිතක්ෂයට පත්වූ කාන්තාවගේ පුත්‍රයා බවයි අහංගම පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම මෙම පහරකමෙන් තුවාල ලැබූ අනෙක් කාන්තාව එම සැකකරුගේ බිරිඳ බවටද වාර්තා වනවා.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අහංගම පොලිසිය විසින් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?