පුටින් පවුලේ සාමාජිකයින් භූගත නගරයක සඟවයි

රුසියානු ජනාධිපතිවරයා සිය පවුලේ සාමාජිකයන් සයිබීරියාවේ භූගත නගරයක සඟවා සිටින බව විදෙස් මාධ්‍ය අද පස්වරුවේ වාර්තා කළේය.

එම නගරය න්‍යෂ්ටික යුද්ධයකදී ආරක්ෂා වීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද්දක් බව රුසියානු මහාචාර්යවරයෙක් උපුටා දක්වමින් බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

දේශපාලන විද්‍යාඥයෙකු ද වන වැලරි සොලොවෙයි නම් 61 හැවිරිදි එම මහාචාර්යවරයා පවසා ඇත්තේ, රුසියානු ජනාධිපති පුටින් මේ වන විට මානසික සහ කායික රෝගී තත්ත්වයකින් පෙළෙන බවය. 

රුසියාව සහ යුක්‍රේනය අතර කොන්දේසි විරහිත සාම සාකච්ඡා තවත් වටයක් සඳහා කල්ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියාව සාම සාකච්ඡාවලට අවතීර්ණ වුවද  ලොව තහනම් කර ඇති පොකුරු බෝම්බවලින් පවා යුක්‍රේනයට පහරදෙන බවය. 

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට දින පහක් ගෙවුණු ඊයේ දෙරටේ නියෝජිතයන් සටන්විරාමයක් සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක නිරත වුණි. 

බෙලරුස් හි ගොමෙල් නගරයේ පැවැති මෙම හමුවේදී සාකච්ඡාවට ගත් විශේෂ කරුණු පිළිබඳව දෙරටේ  බලධාරීන්ගෙන් උපදෙස් ගෙන දෙවන වටයේ සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වෙනු ඇති. 

බෙලරුස් හි සාම සාකච්ඡා අවසන්වී සුළු මොහොතකට පසු කියෙව් කලාපයේ පිහිටි බ්‍රොවරි නගරයට රුසියාව බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. 

නගරයේ පිහිටි හමුදා රේඩාර් සන්නිවේදන මධ්‍යස්ථානයක් ප්‍රහාරයේ ඉලක්කය වී තිබේ. 

මේ අතර රුසියාව කියෙව් අගනුවරට ආසන්නයේ ස්ථාපිත කර තිබූ රුසියානු ගුවන් මිසයිල පද්ධතියක්, සිය හමුදාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් විනාශ වන අයුරු දැක්වෙන වීඩියෝවක් යුක්‍රේනය විසින් මාධ්‍යයට නිකුත් කරනු ලැබීය.

තුර්කියේ නිෂ්පාදිත බයිරැක්ට් ඩ්‍රෝන යානා යොදාගෙන මේ ප්‍රහාරය සිදුකර තිබේ.

රුසියානු ආක්‍රමණිකයන් පලවාහැරීම සඳහා යුක්‍රේන සාමාන්‍ය වැසියන් පවා මේ වන විට සටනට අවතීර්ණ වීම විශේෂත්වයකි. 

තමන් විසින්ම නිෂ්පාදනය කරන ලද පෙට්‍රල් බෝම්බකින් රුසියානු යුද ටැංකියකට ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් නිර්භීත වූ යුක්‍රේන ජාතිකයන් දෙදෙනෙකුගේ දර්ශන ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

එමෙන්ම ගෙවුණු දිනය පුරා කාර්කිව් නගරයට රුසියානු හමුදා රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල කළේය.

මෙලෙස ප්‍රහාරයට ලක්වූයේ යුක්‍රේන හමුදා පරිශ්‍රයක් නොව සිවිල් වැසියන් ජීවත්වන ප්‍රදේශයක් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියාව සිය උපක්‍රම වෙනස් කරමින් සිවිල් වැසියන්ට සිටින ප්‍රදේශ වෙතද ප්‍රහාර එල්ල කරමින් සිටින බවය.

ඒ බව තහවුරු වන නිවේදනයක් ඉන්දීය විදේශ අමාත්‍යංශය අද නිකුත් කළේය.

එහි දැක්වෙන්නේ යුක්‍රේනයේ සිටි කර්නාටක ප්‍රාන්ත සිසුවෙක් ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇති බවය.

කාර්කිව් නගර මධ්‍යයේ නිදහස් චතුරස්‍රයේ පිහිටි පළාත් පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිටට මිසයිල ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ දර්ශන ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ අතර යුද විශේෂඥයින් පවසන්නේ, රුසියාව යුක්‍රේනය වෙත පොකුරු බෝම්බ ද හෙලමින් සිටින බවය.

ඉන් සිදුවන බරපතල විනාශය හේතුවෙන්ම පොකුරු බෝම්බ හෙලීම ජාත්‍යන්තර සම්මුතියකින් තහනම් කර තිබේ.

රටවල් 110ක් අත්සන් කරන ලද එම සම්මුතියට රුසියාව පමණක් නොව අමෙරිකාව පවා අත්සන් කර නොමැත. 

යුක්‍රේනය නිවේදනය කළේ, මෙතෙක් පැවති යුද ගැටුම්වලින් යතම රටේ සාමාන්‍ය වැසියන් 536 ක් මියගොස් ඇති බවය. 

එල්ලවූ රුසියානු රොකට් ප්‍රහාරවලින් තම සෙබළු 70ක් මියගිය බව පවසන යුක්‍රේනය පෙන්වා දෙන්නේ, තම ප්‍රහාරවලින් රුසියානු සෙබළු 5,700ක් මියගොස් ඇති බවය. 

සාම ව්‍යායාමය තවත්  නොතකා කියෙව් අගනුවර වෙත දැවැන්ත හමුදා බලඇණියක් යැවීමට රුසියාව පියවර ගෙන තිබේ.

චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබාගත් ඡායාරූප නිරික්ෂණය කළ විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම සන්නද්ධ රථ පෙළ සැතපුම් 40ක දිගින් යුක්ත බවය. 

මේ අතර තම රටට සාමාජිකත්වය ලබාදෙන්නැයි ඉල්ලා යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඊයේ අන්තර්ජාලය ඔස්සේ යුරෝපා සංගමයට ලිපියක් ඉදිරිපත් කළේය. 

ජනාධිපති සෙලෙන්ස්කි බටහිර රටවලින් ඉල්ලා සිටින්නේ රුසියානු ගුවන්යානා පියාසර කිරිම වැලැක්වීම සඳහා “පියාසර කළ නොහැකි” කලාපයක් නම් කරන ලෙසය. 

ඔහුට අනුව ගතවූ දින 5 තුළ රුසියාව කාර්කිව් නගරය වෙත පමණක් රොකට් ප්‍රහාර 56ක් හා කෘස් මිසයිල 113ක් එල්ල කර තිබේ.

කෙසේ වෙතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අමෙරිකාව පවසන්නේ, එවන් තීන්දුවක් මගින් අමෙරිකාව ද මෙම යුද්ධයට ඈඳෙනු ඇති බවටය.

රුසියානු යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ මහා මණ්ඩල සැසියක් ඊයේ පැවැත්වුණි. 

එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ යුක්‍රේන නිත්‍ය නියෝජිත සර්ගෙයි කිස්ලියෙට්සා චෝදනා කළේ, රුසියානු හමුදා යුක්‍රේන රෝහල්, ගිලන් රථ පවා ඉලක්ක කර ප්‍රහාර දියත් කිරීම යුද අපරාධයක් බවය. 

එමෙන්ම ඔහු දෙවැනි ලෝක සංග්‍රාමයේ අවසන් කරමින් ජර්මනියේ හිටපු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ට අත් වූ ඉරණම උදාහරණයට ගනු ලැබුවේ වත්මන් රුසියානු ජනාධිපතිවරයාට බද්ධ කරමින්ය. 

රුසියානු විදේශ ඇමති සර්ගෙයි ලැව්රොෆ් අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතූ අවස්ථාවේ ඔහුගේ කතාව වර්ජනය කරමින් බොහෝ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සභාවෙන් පිටවගොස් සිටි අයුරු දක්නට ලැබුණි.

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග ලෝක ප්‍රජාව රුසියාව ඉලක්ක කර පනවන සම්බාධක තීව්‍ර කරමින් සිටී. 

ඒ අනුව එක්සත් රාජධානිය රුසියානු යාත්‍රාවලට වරායන් වෙත ඇතුළුවීම තහනම් කර ඇති අතර, කැනඩාව රුසියානු බොරතෙල් ආනයනය නවතා දැමීමට පියවර ගත්තේය. 

වාර්ෂිකව කැනඩාව, රුසියාවෙන් මිලදීගන්නා බොරතෙල් වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 550කි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30