පුටින්ට එන්න කිව්වාට වියට්නාමයට අමෙරිකාවෙන් ගෝරනාඩු

අමෙරිකාව විසින් වියට්නාමයට තරවටු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් ඉදිරියේ දී වියට්නාමයට පැමිණීමට එරෙහිව මෙම තරවටු කිරීම සිදු කර ඇති බවයි.

එළඹෙන ජුනි මස 19 -20 යන දෙදින තුළ දී නිල සංචාරයක් සඳහා පුටින් වියට්නාමයේ හැනෝයි වෙත පැමිණෙනවා.

ඒ වියට්නාම රජයේ ඇරයුමක් මතයි.

නමුත් පුටින්ට මෙලෙස ඇරයුම් කිරීම අමෙරිකාවේ කනස්සල්ලට හේතු වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් එක්සත් ජනපදය (අමෙරිකාව) සිය තානාපති කාර්‍යාලය මගින් විවේචනයක් ද එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

2022 පෙබරවාරි මාසයේ දී අමෙරිකාව රුසියාව විසින් සිය අසල්වැසි යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග රුසියාවට එරෙහිව බටහිර සම්බාධක පනවනු ලැබුවා.

පසුව 2023 වසරේ මාර්තු මාසයේ දී හේග් හි පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) මගින් ද යුක්‍රේනයේ යුද අපරාධ සිදු වීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති පුටින් ව අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ද නිකුත් කරනු ලැබුවා.

අමෙරිකාව; වියට්නාමය රුසියාව වෙත සිදු කරන ලද ඇරයුම විවේචනය කරමින් සඳහන් කරන්නේ බටහිර වේදිකාවේ කිසිදු රටක පුටින්ගේ කුරිරුකම් සාමාන්‍යකරණය වීමට ඉඩ ලබා නොදිය යුතු බවයි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් පුටින්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කර ඇති පසුබිමක දී ඔහුට නිදහසේ ගමන් කිරීමට හැකි වාතාවරණයක් පවතී නම්; රුසියාව සිදු කරන්නේ ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව ද අමෙරිකාව සඳහන් කර තිබෙනවා.

අමෙරිකාව පසුගිය වසරේ හැනෝයි සමග සබඳතා වැඩිදියුණු කළ අතර වියට්නාමයේ ඉහළම වෙළෙඳ හවුල්කරු ද වනවා.

මේ සම්බන්ධයෙන් අමෙරිකාව වියට්නාම විදේශ අමාත්‍යවරයාගෙන් විමසීම් කළ ද නිශ්චිත පිළිතුරක් ලබා දී නොමැති අතර, නිල වශයෙන් පුටින්ගේ පැමිණීම මෙතෙක් දැනුම්දීමක් සිදු කර ද නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46