පුටින්ට එන්න කිව්වාට වියට්නාමයට අමෙරිකාවෙන් ගෝරනාඩු

අමෙරිකාව විසින් වියට්නාමයට තරවටු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් ඉදිරියේ දී වියට්නාමයට පැමිණීමට එරෙහිව මෙම තරවටු කිරීම සිදු කර ඇති බවයි.

එළඹෙන ජුනි මස 19 -20 යන දෙදින තුළ දී නිල සංචාරයක් සඳහා පුටින් වියට්නාමයේ හැනෝයි වෙත පැමිණෙනවා.

ඒ වියට්නාම රජයේ ඇරයුමක් මතයි.

නමුත් පුටින්ට මෙලෙස ඇරයුම් කිරීම අමෙරිකාවේ කනස්සල්ලට හේතු වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් එක්සත් ජනපදය (අමෙරිකාව) සිය තානාපති කාර්‍යාලය මගින් විවේචනයක් ද එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

2022 පෙබරවාරි මාසයේ දී අමෙරිකාව රුසියාව විසින් සිය අසල්වැසි යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග රුසියාවට එරෙහිව බටහිර සම්බාධක පනවනු ලැබුවා.

පසුව 2023 වසරේ මාර්තු මාසයේ දී හේග් හි පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) මගින් ද යුක්‍රේනයේ යුද අපරාධ සිදු වීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති පුටින් ව අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ද නිකුත් කරනු ලැබුවා.

අමෙරිකාව; වියට්නාමය රුසියාව වෙත සිදු කරන ලද ඇරයුම විවේචනය කරමින් සඳහන් කරන්නේ බටහිර වේදිකාවේ කිසිදු රටක පුටින්ගේ කුරිරුකම් සාමාන්‍යකරණය වීමට ඉඩ ලබා නොදිය යුතු බවයි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් පුටින්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කර ඇති පසුබිමක දී ඔහුට නිදහසේ ගමන් කිරීමට හැකි වාතාවරණයක් පවතී නම්; රුසියාව සිදු කරන්නේ ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව ද අමෙරිකාව සඳහන් කර තිබෙනවා.

අමෙරිකාව පසුගිය වසරේ හැනෝයි සමග සබඳතා වැඩිදියුණු කළ අතර වියට්නාමයේ ඉහළම වෙළෙඳ හවුල්කරු ද වනවා.

මේ සම්බන්ධයෙන් අමෙරිකාව වියට්නාම විදේශ අමාත්‍යවරයාගෙන් විමසීම් කළ ද නිශ්චිත පිළිතුරක් ලබා දී නොමැති අතර, නිල වශයෙන් පුටින්ගේ පැමිණීම මෙතෙක් දැනුම්දීමක් සිදු කර ද නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?