AFC Banner
Empty Ad
Empty Ad

පුංචි රසිකයා සොයා එන මැතිව්ස්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත් වුණේ තරගය නැරඹීමට පැමිණි කුඩා ළමයෙකු ප්‍රදර්ශනය කළ පුවරුවක් වෙතයි.

කුඩා දරුවෙක් අත දරා සිටි සදහන්ව තිබුණේ තමා තරගය නැරඹීමට පැමිණියේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස්ව දැක බලා ගැනීමේ අරමුණින් බවයි.මේ සම්බන්ධයෙන් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ද අවධානය යොමුව තිබෙණු දක්නට ලැබුණා.

ඒ අනුව එම කුඩා ළමයාට පෙරළා ප්‍රතිචාර දැක් වීමට ඇන්ජෙලෝ මැතිව්ස් මේ වන විට කටයුතු කර තිබෙනවා.

ඒ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින්.

අදාළ සටහන තුළින් මැතිව්ස් විසින් එම ළමයාට හෙට දිනයේ දී ද තරගය නැරඹීමට පැමිණෙන ලෙසට ආරාධනා කර තිබූ අතර, එහිදී ඔහුව මුණ ගැසීමට ද තමා සූදානම් බවයි ඇන්ජෙලෝ මැතිව්ස් සදහන් කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
92
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?