පුංචි ඡන්දේ දිනපු අයගෙන් 40%ක නම් තවම ලැබී නැහැ – මැතිවරණ කොමසාරිස්

පළාත් පාලන ආයතනවල ආසන දිනාගත් අපේක්ෂකයින්ගෙන් 60% ක් පිළිබඳ සියලු තොරතුරු දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ලැබී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඉතිරි 40% නම්; නාමයෝජනා ලැයිස්තු හරහා එවන ලෙස දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නායකයින්ට දැනුම් දී ඇති බවයි කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

ඒ, අනුව අදාළ සියලුම පාර්ශවයන්ට ලබා දී ඇති උපදෙස් කඩිනමින් අනුගමනය කරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.

පළාත් පාලන ආයතනවල ධුර කාලය ජුනි 02 වන දින ආරම්භ වන බැවින් මෙම ක්‍රියා පටිපාටිය කඩිනමින් සිදුකළ යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?