මෙවර පළාත් පාලන මැතිවරණයට ඉතිහාසයේ පළමු වරට ප්‍රාදේශීය සභා සඳහා Maia Donadze නමැති විදෙස් කාන්තාවක් තරග වැදීමට නාමයෝජනා ලබා දුන්න ද, ඇයගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ උපතින් ජෝර්ජියානු කාන්තාවක් වන ඇය මාතලේ – ගලේවෙලින් පුංචි ඡන්දයට තරග වැදීමට නාමයෝජනා දුන් බවයි.
රටේ විවිධ කාලවල දී සිදු වූ දේශපාලනික පරිවර්තනයත් සමග බිම් මට්ටමේ සිට ශ්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවෙන් මෙරටට ආදරය කරන තැනැත්තියක් ලෙස දේශපාලනික යාන්ත්‍රණයට එක්වීමට බලාපොරොත්තු වන බවයි Maia Donadze මහත්මිය සඳහන් කළේ.
තමන් 2015 සිට ශ්‍රී ලංකාවේ ස්ථීර පදිංචිය දරන බවත්, සිය ස්වාමිපුරුෂයා ද, දරුවන් ද මෙරට පුරවැසිභාවය ලබාගත් අය බව ද ඇය සඳහන් කරනවා.
කෙසේවෙතත් Maia Donadze මහත්මියගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබෙනවා.