Empty Ad
AFC Banner
Empty Ad

පීලි පැනපු රට පීල්ලට දැම්මේ මම – ජනපති

පීලි පැන ඇඳ වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසරක කාලය තුළ යළිත් පීල්ල මත තබන්නට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, මේ වනවිට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන 2024 අයවැය ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එලෙස අසීරුවෙන් පීල්ලට දැමූ රට ගොඩගැනීමට ජනතාව වෙහෙසෙන විට එසේ නොකර; රට ආපස්සට ඇද දමන්නට වෙහෙසුණු පිරිසකුත් සිටි බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

සුරංගනා කතා කියා රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත්; කාලයක් තිස්සේ දේශපාලන පක්ෂ ලබා දුන් ඡන්ද පොරොන්දුවල අවසන් ප්‍රතිඵලය රට බංකොළොත් වීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අවාසනාවකට රටේ ඇතැම් කණ්ඩායම් තවමත් මෙම තත්ත්වය අවබෝධ කරගෙන නොමැති බව ද කියා සිටියා.

දේශපාලන අරමුණු වෙනුවෙන් මිත්‍යාව පැතිරීම නවත්වන ලෙසයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරමින් ඉල්ලා සිටින්නේ.

දේශපාලනයට වඩා රට ගැන සිතා රට ඉහළට ම ඔසවා තබන්නට සියලු දෙනා අවංක ව කැපවන ලෙස ද පාර්ලිමේන්තුවේ දී හෙතෙම ඉල්ලා සිටියා.

මෙම දුෂ්කර මාවතේ ඉදිරියට ගියහොත් නොබෝ කලකින් මීට වඩා යහපත් ආර්ථික පරිසරයක් නිර්මාණය කර ගත හැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා පසුගිය වසර දෙස හැරී බලන විට රට යන මාවත නිවැරදි බව 100%ක් ම සනාථ වන බව ද ප්‍රකාශ කළා.

මෙතෙක් පැමිණි ගමන් මගෙහි සිදු වූ අඩුපාඩු හඳුනා ගනිමින් ඒවා නිවැරදි කර ගැනීමට නිහතමානී ව කටයුතු කරන බව 2024 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව දිනෙව්වේ නැත්තම් සල්ලි දෙන්නේ නෑලු
14:50
Video thumbnail
මෝදිත් ජනපතිගේ ඔළුවෙන්ම මේ පාර තමයි කලිසම ගලවන්නේ
20:14
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
<p>?</p>