පිළිකා රෝහලට යමින් සිටි මව බිලිගත් ඇඟ හිරිවැටෙන මාරක අනතුර

කහතුඩුව රිලාවල හන්දියේ දී අද (05) අලුයම මාරක රිය අනතුරක් සිදුවී තිබුණි. 

නාරහෙන්පිට පෞද්ගලික රෝහලක සෞඛ්‍ය සේවකයන් රැගත් 
බස් රථයකට යටවීමෙන් වයෝවෘද්ධ කාන්තාවක් එම අනතුරෙන් මියගියේය.

කහතුඩුව පොලීසිය සඳහන් කළේ මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට රිලාවල පදිංචිව සිටි වයස අවුරුදු 62ක එක්දරු මවක් බවය. 

අනතුරින් මියගිය කාන්තාව මහරගම අපේක්ෂා රෝහලේ සායනයකට සහභාගිවීම සඳහා යමින් සිටියදී එම අනතුරට ලක්වී තිබේ.

හොරණ දෙස සිට පැමිණි පෞද්ගලික බස් රථය රිලාවල හන්දියට පැමිණි අවස්ථාවේදී කාන්තාව මාර්ගය හරහා ගමන් කර ඇති අතර ඒ සමගම ඇය බස් රථයේ ඉදිරිපස ගැටී පිටුපස රෝදයට යටවී ඇත.

එම මාරක රියඅනතුර සිදුවෙන අයුරු CCTV කැමරාවක සටහන්වී තිබුණි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව කහතුඩුව පොලීසිය පැවසීය.

https://youtu.be/bRc3D1rVGTE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !