පිළිකා කාරක අඩංගු ආනයනික පොල් තෙල් තොගයක් වෙළෙඳපොලේ

ඇෆ්ලටොක්සින් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් 13ක් වෙළෙඳපොළට නිකුත් වී ඇතැයි සමස්ත ලංකා පාර ම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය ඊයේ (23) හෙළිදරව්වක් සිදුකළේය.

එම තෙල් තොග පරිභෝජනයට නුසුදුසු බැවින් වහාම ප්‍රතිඅපනයනය කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය නිර්දේශ කර තිබියදී එය වෙළෙඳපොළට නිකුත් වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කරයි.

මතභේදයට තුඩුදී ඇති එම ආනයනික තෙල් තොග සාම්පල ආශ්‍රයෙන් සිදුකළ පර්යේෂණවලදී ඇෆ්ලටොක්සින් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගුව ඇතැයි තහවුරු වූ බවත් එම තොගයේ කිසිදු තෙල් ප්‍රමාණයක් මහජන පරිභෝජනය සඳහා වෙළෙඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහාලුම් ප්‍රතිඅපනයනය කරන ලෙස ශ්‍රී ලංකා රේගුව හා අදාළ සමාගාම් වෙත ලිඛිතව දැනුම් දුන් බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය සඳහන් කළේය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කළේ,ම තෙල් සාම්පල පිළිබඳ තම ආයතනයෙන් ද පරීක්ෂා කිරීමක් සිදුකළ ද පිළිකා කාරක අඩංගු යැයි වාර්තා නොවූ බවත් එම තෙල් සාම්පල පිළිබඳ සිදුකෙරුණු පර්යේෂණයේ වාර්තා යළි විමර්ශනය කරන බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09