AFC Banner
Empty Ad
Empty Ad

පිහි ඇනුම් කා මියගිය සිසුවියට කොවිඩ්

කන්තලේ පේරමඩුව ගම්මානයේ ජීවත් වූ 15 හැවිරිදි පාසල් සිසුවියක් පසුගිය 01 වනදා පෙම්වතාගේ පිහි පහරට ලක්ව තිබෙනවා. එදින කන්තලේ මූලික රෝහලට ඇතුළත් කෙරුණු ඇයට සිදුකළ කොවිඩ් පරීක්ෂණයේදී වෛරසය ආසාදනය වී නැති බව තහවුරු වී තිබෙනවා.

කෙසේවෙතත් ඇය ඊයේ මියගිය බවට ඥාතීන්ට දැනුම් දී තිබෙනවා. ඒ, දඹුල්ල මූලික රෝහල් බලධාරීන් විසින්.

දැරියගේ මරණය සම්බන්ධයෙන් ඥාතීන් චෝදනා කරන්නේ තම දැරිය රෝහල්වලට මාරුකිරීමේදී ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව තිබූ බවයි.

දැරියගේ ඥාතියෙකු පැවසුවේ, “දැන් රෝහලෙන් කියනවා කොවිඩ් පොසිටිව් නිසා දේහය දෙන්න බෑ කියලා. ආදාහනය කළාට පස්සේ කොහොමද පරීක්ෂණ කරන්නේ. අපි අසරණ වෙලා ඉන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?