පිලිපීන ගුවන් යානාවලට චීනයෙන් ගුවනේ දී තර්ජන

දකුණු චීන මුහුදේ මතභේදයට තුඩු දී ඇති Scarborough Shoal ඉහළ අහසේ දී චීන ජෙට් යානා මුර සංචාරයේ යෙදෙන පිලිපීන ගුවන් හමුදාවේ ගුවන් යානයක් අසලට අනතුරුදායක ලෙස පියාසර කර එහි මාවතට ගිනිදැල් එල්ල කිරීම සම්බන්ධයෙන් පිලිපීන රජය චීනයට රාජ්‍ය තාන්ත්‍රික විරෝධයක් ඉදිරිපත් කර තිබෙනවා.

පසුගිය වසරේ කලාපයේ ආතතීන් උත්සන්න වීමෙන් පසු ජාතීන් දෙක අතර ගුවනේ ඇති වූ පළමු ගැටුම ලෙස මෙම සිද්ධිය සැලකෙනවා.

පිලිපීන හමුදා ප්‍රධානී ජෙනරාල් රෝමියෝ බ්‍රව්නර් ජූනියර් කිසිදු තුවාලයක් හෝ හානියක් සිදු වී නොමැති බව තහවුරු කළ නමුත් චීන ජෙට් යානාවල ක්‍රියාව ඉතා භයානක බව හෙළා දුටුවා.

විදේශ කටයුතු දෙපාර්තමේන්තුව කඩිනමින් රාජ්‍ය තාන්ත්‍රික විරෝධතාවක් නිකුත් කළ අතර පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් චීන ක්‍රියාවන් “අසාධාරණ, නීති විරෝධී සහ නොසැලකිලිමත්” ලෙස විවේචනය කළා.

දකුණු චීන මුහුද අධීක්‍ෂණය කරන කාර්ය සාධක බලකාය චීනයෙන් ඉල්ලා සිටියේ එහි ප්‍රකෝපකාරී සහ අන්තරායකර ක්‍රියාකාරකම් නවත්වන ලෙසයි.

එවැනි ක්‍රියා කලාපීය සාමය අස්ථාවර කිරීමට සහ චීනය කෙරෙහි ඇති විශ්වාසය බිඳ දැමිය හැකි බවට අනතුරු ඇඟවූවා.

ඊට ප්‍රතිචාර වශයෙන්, චීනයේ මහජන විමුක්ති හමුදාව පැවසුවේ පිලිපීන ගුවන් යානය චීනය විසින් ප්‍රකාශ කරන ලද ගුවන් සීමාවට නීතිවිරෝධී ලෙස ඇතුළු වූ බවයි.

මෙම සිදුවීම චීනය සහ පිලිපීනය අතර ආතතීන් තව දුරටත් ඉහල නංවා ඇති අතර, පිලිපීන හමුදාවන්ට දකුණු චීන මුහුදේ දී ප්‍රහාර එල්ල කළහොත් ඔවුන්ගේ අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුම යටතේ පිලිපීනය ආරක්ෂා කිරීමට ඇති කැපවීම එක්සත් ජනපදය නැවත අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?