පිලිපීන කඳවුරක් අසල චීනය සිය ධජය ඔසවයි – දෙපාර්ශ්වයේ ආතතීන් ඔඩුදුවයි

චීන – පිලිපීන මුහුදු සීමා සම්බන්ධයෙන් දැඩි දේශපාලනික මෙන් ම ජාත්‍යන්තර ව්‍යාකූලත්වයක් පවතින මොහොතක දී චීන රජය විසින් සිය ධජය ඔසවා තිබෙනවා.

ඒ පිලිපීන කඳවුරක් අසල පිහිටි ගල් පරයක් මත යි.

මේ හේතුවෙන් දකුණු චීන මුහුදේ මේ වනවිටත් දැඩි ව්‍යාකූල තත්ත්වයක් දෙපාර්ශ්වය අතර හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සැන්ඩි. කේ. නමැති ගල්පර ස්ථානය මැනිලා හි පැග් -අසා ලෙස නම් කෙරෙන තිටු දූපතේ සිට කිලෝමීටර් 03කට වඩා තරමක් දුරින් පිහිටා තිබෙනවා.

එය මිලිටරි ශ්‍රේණියේ ධාවන පථයක් සහ ආසන්න වශයෙන් පදිංචිකරුවන් 250ක් ඇතුළුව පිලිපීන හමුදා ස්ථාපනයන් සඳහා සත්කාරකත්වය සපයනවා.

දකුණු චීන මුහුදේ ජනාවාස නොවූ ගල්පරයක් මත චීනය “සාගර පාලනය ක්‍රියාත්මක කර ඇති අතර එහි ස්වෛරී අධිකාරිය තහවුරු කර ඇති” බව ජපන් ටයිම්ස් වාර්තාවක දැක්වෙනවා.

චීන රාජ්‍ය මාධ්‍ය විසින් සෙනසුරාදා නිකුත් කරන ලද ඡායාරූපවල, මෙම මස මුල දී චීනයේ ටියෙක්සියන් ජියාඕ ලෙස හැඳින්වෙන සැන්ඩි.කේ ගල්පරය පාලනය කිරීම සඳහා චීන වෙරළාරක්ෂක නිලධාරීන් ධජය දිගහරින ආකාරය දැක්වෙනවා.

ජපන් ටයිම්ස් වාර්තා කරන පරිදි, තායිවානය, වියට්නාමය සහ පිලිපීනය ද හිමිකම් කියන මතභේදාත්මක ස්ප්‍රැට්ලි දූපත් දාමයේ මෙම ගල්පරය පිහිටා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ට්‍රම්ප්ට කාදිනල්තුමා සැරටම කියයි
01:38
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ආණ්ඩුවේ අයට හදාගෙන ඉන්නේ
05:24
Video thumbnail
අනුර කයිවාරුව නවත්තපන් - මේකාට හොරු අල්ලන්න බෑ
04:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49