පිලිපීනයේ යාත්‍රාවක ගින්නකින් 31ක් ජීවිතක්ෂයට

පිලිපීනයේ මගී ප්‍රවාහන යාත්‍රාවක හටගත් ගින්නකින් පුද්ගලයන් 31 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

පුද්ගලයන් 250ක් රැගෙන යමින් තිබූ MV Lady Mary Joy 3 නෞකාව මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගිය පිරිස අතර මාස 6 ක ළදරුවෙකු ද සිටින අතර රාත්‍රී 11ට පමණ ඇති වූ ගින්නට හේතුව මෙතෙක් හඳුනාගෙන නැහැ.

වෙරළාරක්ෂක නිලධාරීන් පැවසුවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 35ක් ඇතුළුව පුද්ගලයින් 230 දෙනෙකු බේරා ගෙන ඇති බවයි.

7,600 කට වඩා වැඩි දූපත් සමූහයක් වන පිලිපීනය, සමුද්‍ර ආරක්ෂාව සම්බන්ධයෙන් දුර්වල වාර්තා පවතින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. ඇතැම් යාත්‍රා බොහෝ විට මගීන්ගෙන් පිරී ඉතිරී යන අතර ඇතැම් පැරණි නැව් තවමත් භාවිතයේ පවතිනවා.

පසුගිය 2022 වසරේ මැයි මාසයේදී පුද්ගලයින් 134 දෙනෙකු රැගත් අධිවේගී පිලිපීන යාත්‍රාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගියා.

1987 වසරේ දී, මැනිලා අගනුවරට දකුණින් මින්ඩෝරෝ දූපතට ඔබ්බෙන් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 5,000ක් පමණ මරණයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33