පිලිපීනයේ යාත්‍රාවක ගින්නකින් 31ක් ජීවිතක්ෂයට

පිලිපීනයේ මගී ප්‍රවාහන යාත්‍රාවක හටගත් ගින්නකින් පුද්ගලයන් 31 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

පුද්ගලයන් 250ක් රැගෙන යමින් තිබූ MV Lady Mary Joy 3 නෞකාව මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගිය පිරිස අතර මාස 6 ක ළදරුවෙකු ද සිටින අතර රාත්‍රී 11ට පමණ ඇති වූ ගින්නට හේතුව මෙතෙක් හඳුනාගෙන නැහැ.

වෙරළාරක්ෂක නිලධාරීන් පැවසුවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 35ක් ඇතුළුව පුද්ගලයින් 230 දෙනෙකු බේරා ගෙන ඇති බවයි.

7,600 කට වඩා වැඩි දූපත් සමූහයක් වන පිලිපීනය, සමුද්‍ර ආරක්ෂාව සම්බන්ධයෙන් දුර්වල වාර්තා පවතින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. ඇතැම් යාත්‍රා බොහෝ විට මගීන්ගෙන් පිරී ඉතිරී යන අතර ඇතැම් පැරණි නැව් තවමත් භාවිතයේ පවතිනවා.

පසුගිය 2022 වසරේ මැයි මාසයේදී පුද්ගලයින් 134 දෙනෙකු රැගත් අධිවේගී පිලිපීන යාත්‍රාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගියා.

1987 වසරේ දී, මැනිලා අගනුවරට දකුණින් මින්ඩෝරෝ දූපතට ඔබ්බෙන් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 5,000ක් පමණ මරණයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?