පිල්ලයාන්ටත් රාජ්‍ය අමාත්‍ය ධුරයක්

තවත් රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙකු මීට ටික වේලාවකට පෙර (19) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා.මීට අමතරව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වී පසුව ස්වාධීන වූ මොහොමඩ් මුෂාරෆ් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද බතික් හා රෙදිපිළි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.මේ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් ගේ සංඛ්‍යාව 26 ක් දක්වා ඉහළ යනවා.

ඊයේ (18) දිනයේදී ජනාධිපතිවරයා ඉදිරියේ කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 24 දෙනෙකු අවස්ථා තුනකදී දිවුරුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?