පිරිවෙන් අධ්‍යාපනය සුරැකීමට අඛණ්ඩ ව සහාය දෙනවා – අගමැතිගෙන් පොරොන්දුවක්

පිරිවෙන් අධ්‍යාපනය ආරක්ෂා කිරීමට රජය ලබාදුන් සහයෝගය අඛණ්ඩව ම ලබාදෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ සවස සීතාවකපුර නගර සභා ශාලාවේ දී පැවති උත්සවයක් අමතමින්.

මෙරට පිරිවෙන් ගුරු භවතුන් පුහුණු කිරීම සඳහා ඇති ප්‍රථම සහ එකම ආයතනය වන සීතාවක පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ 2015/2016 , 2017/2018 , හා 2019/2020 යන වර්ෂවල දී ගුරු පුහුණුව සාර්ථකව නිමකළ පිරිවෙන් ගුරු ස්වාමීන් වහන්සේලා වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

වසර 67 ක ඉතිහාසය තුළ මෙම පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලය විසින් සංවිධානය කළ දෙවන නිල ප්‍රවීණාචාර්ය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය මෙය වන අතර, අවසන් වරට එවැනි උත්සවයක් පවත්වා තිබුණේ 2016 වසරේදීයි.

මෙහිදී පිරිවෙන් ගුරු ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා වෙත විජිනි පත් පිරිනැමීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ දහම්පාසැල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ යන මැති ඇමතිවරුන් විසින් සිදු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?