පිරිවෙන් අධ්‍යාපනය සුරැකීමට අඛණ්ඩ ව සහාය දෙනවා – අගමැතිගෙන් පොරොන්දුවක්

පිරිවෙන් අධ්‍යාපනය ආරක්ෂා කිරීමට රජය ලබාදුන් සහයෝගය අඛණ්ඩව ම ලබාදෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ සවස සීතාවකපුර නගර සභා ශාලාවේ දී පැවති උත්සවයක් අමතමින්.

මෙරට පිරිවෙන් ගුරු භවතුන් පුහුණු කිරීම සඳහා ඇති ප්‍රථම සහ එකම ආයතනය වන සීතාවක පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ 2015/2016 , 2017/2018 , හා 2019/2020 යන වර්ෂවල දී ගුරු පුහුණුව සාර්ථකව නිමකළ පිරිවෙන් ගුරු ස්වාමීන් වහන්සේලා වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

වසර 67 ක ඉතිහාසය තුළ මෙම පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලය විසින් සංවිධානය කළ දෙවන නිල ප්‍රවීණාචාර්ය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය මෙය වන අතර, අවසන් වරට එවැනි උත්සවයක් පවත්වා තිබුණේ 2016 වසරේදීයි.

මෙහිදී පිරිවෙන් ගුරු ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා වෙත විජිනි පත් පිරිනැමීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ දහම්පාසැල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ යන මැති ඇමතිවරුන් විසින් සිදු කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46