AFC Banner
Empty Ad
Empty Ad

පිය සෙනෙහසට අමානුෂිකව පහරදුන් පව්කාර දියණිය

වයෝවෘද්ධ පියෙකුට නිවසට පැමිණීමට ඉඩ ලබා නොදෙමින් ඉදළකින් සහ කුඩයකින් අමානුෂිකව පහරදෙන ඔහුගේ දියණිය සහ මිනිපිරිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කෙරෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

සොයාබැලීමකදී අනාවරණ වුණේ නාරාහේන්පිට – දාබරේ මාවතේ නිවසකින් මෙම සිද්ධිය වාර්තාවන බවයි.

දියණිය සහ මිනිපිරිය එම පියාට බැණ වදිමින් පහරදෙන්නේ අවශ්‍ය නම් පොලීසියට යන ලෙසටද තර්ජනය කරමින්.

මේ වනවිට පහරකෑමට ලක්වූ පියා, රෝහල් ගතකර ඇති අතර, අත්අඩංගුවට ගත් දියණිය සහ මිනිපිරියට ඇප ලබාදුන් බව පොලීසිය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?