පියුමිගේ ඇඳි වතට හිත රිඳිනු ඩොක්ටර් සහ නෝනාවත්, නිරෝධායනයට..?

ඒ නාඩගමට අපූරු ලස්සනක් එකතු කරපු පොලිසිය භාර ප්‍රබලයා ගැන තමයි දැන්නම් මිනිස්සු කතාවෙන්නේ.

ඇදිවත පමණක් ඇති දුක කියපු ගමන්ම ඒ දුකට කිරි එරුණු මේ ලොක්කා ඒගමන්ම ක්‍රියාත්මක වුණේ තමන්ගේ ඇමතිකමත් අමතක කරලා.

ප්‍රශ්නේ තියෙන්නේ පියුමි හංසමාලිගේ වචනෙට සානුකම්පිතව හිතන මේ ලොක්කා රටේ අනිත් මිනිස්සු ගැනත් හිතනවද කියන එකයි.

වෙන දෙයක් ඕනේ නෑ මේ ලොක්කගේ ෆෝන් එකකට සාමාන්‍ය මනුස්සයෙක් ගත්තොත් කටහඬවත් අහන්න පුළුවන් වෙයි කියලා හිතනවද..?

නෑ.. හැම වෙලාවෙම මීටීන් මීටින් තමයි.. ලොක්කගේ ආරක්ෂකයන්ගේ කටහඬ අහනවා ඇරෙන්න කවදාවත් ලොක්කගේ හඬ අහන්න වෙන්නේ නෑ..

සාමාන්‍ය මනුස්සයට එහෙම වුණාට පියුමි හංසමාලිලට, චන්දිමාල්ලට එහෙම වෙන්නේ නෑ.

එක පාරින්ම ෆෝන් එක ආන්සර් කරලා වැඩේ ප්ලෑන් කරලත් ඉවරයි.. මේවට කියන්න තියෙන්නේ විලිලැජ්ජා නැති වැඩ කියලයි.

අහිංසක මිනිස්සු බඩ පොත්ත පිටපොත්තට ඇලිලා කඩයකට ගියොත් කුදලගන යනවා.. හැබැයි පියුමිලට? හිතට පොඩ්ඩක් තට්ටු කරලා මේ ගැන හිතලා බලන්න..

මේ වගේ මිනිස්සුන්ට ඡන්දෙ දීපු කොළඹ ජානතාවටත් අපි හදවතින්ම තුති එකතු කරන්න අමතක කරන්න හොඳ නෑ..

හරි.. ඒ වැඩේ එහෙමයි කියමුකෝ.. එතකොට මේ ලොක්කගේ මාධ්‍ය ලේකම් නිවේදනයක් නිකුත් කරලා කිව්වා පියුමි හංසමාලි සහ චන්දිමාල් ඉල්ලීමක් කළ නිසා ඔවුන් ගැන සානුකම්පිතව හිතුවා කියලා..

එතකොට පියුමි සහ අනිත් නඩය ඇඳුම් ටිකත් අරගෙන නිරෝධායනය වෙන්න ගියා කියමුකෝ..

එතකොට මේ නිරූපිකාවක් කියන පියුමිට මේකප් බඩු ටිකයි, ලස්සන ඇඳුම් ටිකකුයි අරගෙන ගිය වෛද්‍යවරයා සහ බිරිඳ කවුද..?

කොළඹ ඉඳන් රාජකාරී අවශ්‍යතාවයක් නැතුව පස්සරට යන්න පුළුවන්ද..?

කෝ මේ රටේ අර නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා කියන පොලිසිය..?

සමහර වෙලාවට පොලිසියට නින්ද ගිය වෙලාවක යන්න ඇති.. මොකද ඔය වගේ දේවල් වෙද්දි පොලිසියේ ඇස් පෙනීම ටිකක් අඩුවෙනවා..

ආස්නන වශයෙන් කොළඹ ඉඳන් පස්සරට කිලෝ මීටර් 300 කට නොඅඩු ගාණක් තියෙනවා.

පොලිසි කීයක්නම් පහුවෙනවද..? මාර්ග බාධක කීයක්නම් පහුවෙනවද..? මේ එක තැනකදිවත් මේ ගිය වෛද්‍යවරයා සහ බිරිඳව පොලිසියට අහුවුණේ නැද්ද..?

යුනිෆෝම් එකක් ඇඳගෙන ඉද්දි අපි කවුරුත් හිස නමා ගරු කරනවා. හැබැයි දැන්නම් මිනිස්සු ඔය ඇඳුමට ගරු කරනවා තියා කෙල ගහන තත්ත්වයටවත් සුදුසු නෑ කියන මතයකයි ඉන්නේ.

එක රටක් එක නීතියක්නම් වහාම මේ වෛද්‍යවරයා සහ බිරිඳ කවුද කියලා විමර්ශනයක් කරලා රටට හෙළි කළ යුතුයි.

හරි උජාරුවෙන්, මහා ලොකු වැඩක් වගේ පියුමි හංසමාලි සටහනක්ද තබමින් සමාජ මාධ්‍යයේ සටහන් තබා තිබුණේ මෙන්න මේ විදිහට.

Thank you so much Doctor

මට මගේ ඇඳුම් බෑග් එක අරන්

මම වෙනුවෙන් මෙච්චර දුරක්

ගෙවන් ආවට ඔබටත් Wife ටත් ගොඩක් පිං…

හරි දැන් පොලිසිය තියෙන වගකීම තමයි කවුද මේ වෛද්‍යවරයා සහ බිරිඳ කියලා රටට කියන එක..

නීතියනම් කාටත් එකක් වෙන්න ඕනනේ.. පොඩි දෙයයි තියෙන්නේ පියුමිගෙන් ප්‍රකාශයක් ගන්න එක විතරයි.. කොන්දක් තියෙන පොලිසියක්නම් මේ ගැන රටට හෙළි කරලා එම වෛද්‍යවරයා සහ බිරිඳවත් නිරෝධායනයට යවයි කියලා රටේ මිනිස්සු හිත රවට්ටගන්න හරි විශ්වාස කරයි කියලා අපි හිතනවා..

සසැදි පුවත් පියුමි හංසමාලි නිරෝධානයේ සිට වීඩියෝවක්..

ඇමති වීරසේකර ඉන්නේ නිරූපිකාවන්ගේ ඇදුම් අදින්නද.. තවත් රහස් හෙලි කරනවා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?