පියුමිගේ ඇඳි වතට හිත රිඳිනු ඩොක්ටර් සහ නෝනාවත්, නිරෝධායනයට..?

ඒ නාඩගමට අපූරු ලස්සනක් එකතු කරපු පොලිසිය භාර ප්‍රබලයා ගැන තමයි දැන්නම් මිනිස්සු කතාවෙන්නේ.

ඇදිවත පමණක් ඇති දුක කියපු ගමන්ම ඒ දුකට කිරි එරුණු මේ ලොක්කා ඒගමන්ම ක්‍රියාත්මක වුණේ තමන්ගේ ඇමතිකමත් අමතක කරලා.

ප්‍රශ්නේ තියෙන්නේ පියුමි හංසමාලිගේ වචනෙට සානුකම්පිතව හිතන මේ ලොක්කා රටේ අනිත් මිනිස්සු ගැනත් හිතනවද කියන එකයි.

වෙන දෙයක් ඕනේ නෑ මේ ලොක්කගේ ෆෝන් එකකට සාමාන්‍ය මනුස්සයෙක් ගත්තොත් කටහඬවත් අහන්න පුළුවන් වෙයි කියලා හිතනවද..?

නෑ.. හැම වෙලාවෙම මීටීන් මීටින් තමයි.. ලොක්කගේ ආරක්ෂකයන්ගේ කටහඬ අහනවා ඇරෙන්න කවදාවත් ලොක්කගේ හඬ අහන්න වෙන්නේ නෑ..

සාමාන්‍ය මනුස්සයට එහෙම වුණාට පියුමි හංසමාලිලට, චන්දිමාල්ලට එහෙම වෙන්නේ නෑ.

එක පාරින්ම ෆෝන් එක ආන්සර් කරලා වැඩේ ප්ලෑන් කරලත් ඉවරයි.. මේවට කියන්න තියෙන්නේ විලිලැජ්ජා නැති වැඩ කියලයි.

අහිංසක මිනිස්සු බඩ පොත්ත පිටපොත්තට ඇලිලා කඩයකට ගියොත් කුදලගන යනවා.. හැබැයි පියුමිලට? හිතට පොඩ්ඩක් තට්ටු කරලා මේ ගැන හිතලා බලන්න..

මේ වගේ මිනිස්සුන්ට ඡන්දෙ දීපු කොළඹ ජානතාවටත් අපි හදවතින්ම තුති එකතු කරන්න අමතක කරන්න හොඳ නෑ..

හරි.. ඒ වැඩේ එහෙමයි කියමුකෝ.. එතකොට මේ ලොක්කගේ මාධ්‍ය ලේකම් නිවේදනයක් නිකුත් කරලා කිව්වා පියුමි හංසමාලි සහ චන්දිමාල් ඉල්ලීමක් කළ නිසා ඔවුන් ගැන සානුකම්පිතව හිතුවා කියලා..

එතකොට පියුමි සහ අනිත් නඩය ඇඳුම් ටිකත් අරගෙන නිරෝධායනය වෙන්න ගියා කියමුකෝ..

එතකොට මේ නිරූපිකාවක් කියන පියුමිට මේකප් බඩු ටිකයි, ලස්සන ඇඳුම් ටිකකුයි අරගෙන ගිය වෛද්‍යවරයා සහ බිරිඳ කවුද..?

කොළඹ ඉඳන් රාජකාරී අවශ්‍යතාවයක් නැතුව පස්සරට යන්න පුළුවන්ද..?

කෝ මේ රටේ අර නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා කියන පොලිසිය..?

සමහර වෙලාවට පොලිසියට නින්ද ගිය වෙලාවක යන්න ඇති.. මොකද ඔය වගේ දේවල් වෙද්දි පොලිසියේ ඇස් පෙනීම ටිකක් අඩුවෙනවා..

ආස්නන වශයෙන් කොළඹ ඉඳන් පස්සරට කිලෝ මීටර් 300 කට නොඅඩු ගාණක් තියෙනවා.

පොලිසි කීයක්නම් පහුවෙනවද..? මාර්ග බාධක කීයක්නම් පහුවෙනවද..? මේ එක තැනකදිවත් මේ ගිය වෛද්‍යවරයා සහ බිරිඳව පොලිසියට අහුවුණේ නැද්ද..?

යුනිෆෝම් එකක් ඇඳගෙන ඉද්දි අපි කවුරුත් හිස නමා ගරු කරනවා. හැබැයි දැන්නම් මිනිස්සු ඔය ඇඳුමට ගරු කරනවා තියා කෙල ගහන තත්ත්වයටවත් සුදුසු නෑ කියන මතයකයි ඉන්නේ.

එක රටක් එක නීතියක්නම් වහාම මේ වෛද්‍යවරයා සහ බිරිඳ කවුද කියලා විමර්ශනයක් කරලා රටට හෙළි කළ යුතුයි.

හරි උජාරුවෙන්, මහා ලොකු වැඩක් වගේ පියුමි හංසමාලි සටහනක්ද තබමින් සමාජ මාධ්‍යයේ සටහන් තබා තිබුණේ මෙන්න මේ විදිහට.

Thank you so much Doctor

මට මගේ ඇඳුම් බෑග් එක අරන්

මම වෙනුවෙන් මෙච්චර දුරක්

ගෙවන් ආවට ඔබටත් Wife ටත් ගොඩක් පිං…

හරි දැන් පොලිසිය තියෙන වගකීම තමයි කවුද මේ වෛද්‍යවරයා සහ බිරිඳ කියලා රටට කියන එක..

නීතියනම් කාටත් එකක් වෙන්න ඕනනේ.. පොඩි දෙයයි තියෙන්නේ පියුමිගෙන් ප්‍රකාශයක් ගන්න එක විතරයි.. කොන්දක් තියෙන පොලිසියක්නම් මේ ගැන රටට හෙළි කරලා එම වෛද්‍යවරයා සහ බිරිඳවත් නිරෝධායනයට යවයි කියලා රටේ මිනිස්සු හිත රවට්ටගන්න හරි විශ්වාස කරයි කියලා අපි හිතනවා..

සසැදි පුවත් පියුමි හංසමාලි නිරෝධානයේ සිට වීඩියෝවක්..

ඇමති වීරසේකර ඉන්නේ නිරූපිකාවන්ගේ ඇදුම් අදින්නද.. තවත් රහස් හෙලි කරනවා..

  1. පියුමිට මේ රජයෙන් තියෙන සැලකිලි බෙලුවම පුදුම හිතෙනවා, කිසිම උගත් කමක් නැති උනත් . පොත්ත සුදු නිසාත් , ලැම ලොකු නිසාත්; මුදලට සහ ප්‍රබූ වරුන්ට තම අවයව නොමිලේ උනත් දෙන නිසාත් . කිසිවකුට නොමැති අසීමිත බලයක ඇයට ඇත , යහපාලන රජයට වඩා වෙනස මේ අලුත් රජයේ ඒකයි , රන්ජන්ගෙ බලතල අහිමු උනත් , එවෙනිම බල ධාරියෙක් මෙම රජයෙන්ද ඇය තොරා පත් කරගෙන සිටී , මේ රජයට කඩේ ගිය කෙනෙකු වශයෙන් ඉතා ලැජ්ජාවක් සහ කනගාටුවක් ඇතිවේ . ජනපති ගෝඨාබයවත් මෙම පුවත් කියවනවාද ? ඔහු නිහඩ ඇයි , ඔහුත් මෙ වාගෙ පාහර වෙඩ වලට උදව් දෙනවාද ?රජයෙ අනික් උන් ගෙන කිසි විස්වාසයක් නෙත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26