AFC Banner
Empty Ad
Empty Ad

පියා අවුරුදු දහතුනේ දැරිය දූෂණය කරලා

බගවන්තලාව, කැම්පියන් වත්ත ඉහළ කොටසේ පදිංචි වයස අවුරුදු 13ක දැරියක් දූෂණය කළ ඇයගේ පියා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (06) දිනයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 44ක පුද්ගලයෙක් බවයි බගවන්තලාව පොලිසිය සඳහන් කළේ.

අදාළ දැරියගේ මව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතවන අතර, ඇය නිවාඩුවට නිවසට පැමිණි අවස්ථාවේ දී දැරිය විසින් සිද්ධිය පිළිබඳව මව දැනුම්වත් කර තිබෙනවා.

ඒ අනුව මව විසින් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති අතර, එම පැමිණිල්ලට අනුවයි සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දූෂණට ලක්ව ඇති දැරිය දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකාර පියා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි බගවන්තලාව පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
9
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?