පියානෝ ගුරුවරියගේ ඝාතකයා සියල්ල හෙළිකරයි

කොළඹ 07 ,විජේරාම පාරේ නිවසක හුදකලාව වාසය කළ කාන්තාවක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරු දින තුනක් තිස්සේ එම නිවස පිහිටි ඉඩමේ පිඩලි ඇල්ලීම සඳහා පැමිණ ඇති අතර අවසන් දිනයේ නිවස හිමි කාන්තාව දූෂණය කර මෙලෙස ඝාතනය කර පලා ගොස් යළි පැමිණ නිවසේ තිබූ ලැප්ටොප් පරිගණකයක්, ගෑස් සිලින්ඩර් දෙකක් සහ ජංගම දුරකථනයේ සිම්පතක් ද සොරාගෙන පලාගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 7, විජේරාම පාරේ 74 හැවිරිදි වියෙහි පසුවූ කාන්තාවක්.

ඇය තම නිවසේ පියානෝ වාදනය පිළිබඳ උපකාරක පන්තියක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ සඳහා පැමිණි සිසුන් කාමරයක වැටී සිටි කාන්තාව දැක ඒ බව අසල්වාසීන්ට පවසා පොලිසිය දැනුවත් කර තිබුණා.

මෙම කාන්තාව නිවසේ හුදකලාව වාසය කර තිබූ අතර ඇයගේ මළ සිරුර අසළ බිම පිරිසිදු කරන යන්ත්‍රයක් තිබූ හෙයින් ඉන් විදුලි සැර වැදි මිය යන්නට ඇති බවටයි පොලිසිය මූලික විමර්ශනවලදී සැක කළේ.

කෙසේවෙතත් මියගිය කාන්තාවගේ නිවසේ තිබූ ලැප්ටොප් පරිගණකයක්, ගෑස් සිලින්ඩර් දෙකක් හා ජංගම දුරකථනයේ සිම්පතක් අස්ථානගත වීම නිසා මෙය ඝාතනයක් බවට සැක කර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

ඒ අනුව කුරුඳුවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් සිටියදී කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙරන්ජන් අභයවර්ධන මහතා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හරහා තවත් විමර්ශනයක් සිදුකරන ලෙසට උපදෙස් දෙනු ලැබුවා.

ඒ අනුව නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමේ දී හෙළිවී ඇත්තේ කාන්තාවගේ මරණය සිදු වූ 15 වනදා එකම පුද්ගලයකු අවස්ථා දෙකකදී නිවසට පැමිණ පිටව ගොස් ඇති බවයි.

එම අවස්ථා දෙකේදී ඇදුම් මාරු කරමින් හැඳ පැළඳගෙන පැමිණීම හා පිටව යාමත් පිළිබඳ ඇතිවූ සැකය මත විමර්ශන සිදු කෙරෙන අතර ලැබුණු තොරතුරකට අනුව දෙමටගොඩ සියපත් සෙවණ මහල් නිවාස සංකීර්ණයේ නිවසක් තුළ සැඟව සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා කුරුඳුවත්ත ප්‍රදේශයේ නිවෙස්වල කුලී වැඩ සිදුකරන පුද්ගලයෙකු බවටයි හෙළිවී ඇත්තේ.

අදාළ කාන්තාව දූෂණය කර ඝාතනය කළ බවත් පසුව එම නිවසේ තිබූ ජංගම දුරකථනයත්, ලැප්ටොප් පරිගණකයත්, ගෑස් සිලින්ඩර් සොරකම් කළ අතර ඒවා විවිධ පුද්ගලයින්ට විකුණූ බවත් මෙම සැකකරු ගේ පාපොච්චාරණය මත අනාවරණය කර ගෙන තිබෙනවා.

මේ වන විට සැකකරු කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන ඇති අතර අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?