පියානෝ ගුරුවරියගේ ඝාතකයා සියල්ල හෙළිකරයි

කොළඹ 07 ,විජේරාම පාරේ නිවසක හුදකලාව වාසය කළ කාන්තාවක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරු දින තුනක් තිස්සේ එම නිවස පිහිටි ඉඩමේ පිඩලි ඇල්ලීම සඳහා පැමිණ ඇති අතර අවසන් දිනයේ නිවස හිමි කාන්තාව දූෂණය කර මෙලෙස ඝාතනය කර පලා ගොස් යළි පැමිණ නිවසේ තිබූ ලැප්ටොප් පරිගණකයක්, ගෑස් සිලින්ඩර් දෙකක් සහ ජංගම දුරකථනයේ සිම්පතක් ද සොරාගෙන පලාගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 7, විජේරාම පාරේ 74 හැවිරිදි වියෙහි පසුවූ කාන්තාවක්.

ඇය තම නිවසේ පියානෝ වාදනය පිළිබඳ උපකාරක පන්තියක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ සඳහා පැමිණි සිසුන් කාමරයක වැටී සිටි කාන්තාව දැක ඒ බව අසල්වාසීන්ට පවසා පොලිසිය දැනුවත් කර තිබුණා.

මෙම කාන්තාව නිවසේ හුදකලාව වාසය කර තිබූ අතර ඇයගේ මළ සිරුර අසළ බිම පිරිසිදු කරන යන්ත්‍රයක් තිබූ හෙයින් ඉන් විදුලි සැර වැදි මිය යන්නට ඇති බවටයි පොලිසිය මූලික විමර්ශනවලදී සැක කළේ.

කෙසේවෙතත් මියගිය කාන්තාවගේ නිවසේ තිබූ ලැප්ටොප් පරිගණකයක්, ගෑස් සිලින්ඩර් දෙකක් හා ජංගම දුරකථනයේ සිම්පතක් අස්ථානගත වීම නිසා මෙය ඝාතනයක් බවට සැක කර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

ඒ අනුව කුරුඳුවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් සිටියදී කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙරන්ජන් අභයවර්ධන මහතා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හරහා තවත් විමර්ශනයක් සිදුකරන ලෙසට උපදෙස් දෙනු ලැබුවා.

ඒ අනුව නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමේ දී හෙළිවී ඇත්තේ කාන්තාවගේ මරණය සිදු වූ 15 වනදා එකම පුද්ගලයකු අවස්ථා දෙකකදී නිවසට පැමිණ පිටව ගොස් ඇති බවයි.

එම අවස්ථා දෙකේදී ඇදුම් මාරු කරමින් හැඳ පැළඳගෙන පැමිණීම හා පිටව යාමත් පිළිබඳ ඇතිවූ සැකය මත විමර්ශන සිදු කෙරෙන අතර ලැබුණු තොරතුරකට අනුව දෙමටගොඩ සියපත් සෙවණ මහල් නිවාස සංකීර්ණයේ නිවසක් තුළ සැඟව සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා කුරුඳුවත්ත ප්‍රදේශයේ නිවෙස්වල කුලී වැඩ සිදුකරන පුද්ගලයෙකු බවටයි හෙළිවී ඇත්තේ.

අදාළ කාන්තාව දූෂණය කර ඝාතනය කළ බවත් පසුව එම නිවසේ තිබූ ජංගම දුරකථනයත්, ලැප්ටොප් පරිගණකයත්, ගෑස් සිලින්ඩර් සොරකම් කළ අතර ඒවා විවිධ පුද්ගලයින්ට විකුණූ බවත් මෙම සැකකරු ගේ පාපොච්චාරණය මත අනාවරණය කර ගෙන තිබෙනවා.

මේ වන විට සැකකරු කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන ඇති අතර අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12