පිපෙන මලක් තැලූ කාමාතුරයා පන්නන්නැයි වතුයායේ උද්ඝෝෂණයක් (වීඩියෝ)

දිඹුල පතන, මේෆිල්ඩ් වතුයායේ 12හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවියක් අපයෝජනය කලේ යැයි කියන සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සහ ඔහුගේ පවුලේ සමාජිකයන් වතුයායෙන් ඉවත් කරන ලෙස වතු පාලන අධිකාරියට බල කරමින් අද(12) දින එම වතුයායේ වතු කම්කරුවන් පිරිසක් විරෝධතාවයක නිරතව සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අවු 65ක සහ අවු 40ක් වයසැති එම වතුයායේ පදිංචි සැකකරුවන් දෙදෙනො සහ ඔහුගේ පවුලේ සමාජිකයන් එම වතුයායෙන් ඉවත් කරන ලෙසටයි විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

65 හැවිරිදි සැකකරු අවස්ථා කිහිපයක දී බාල වයස්කාර සිසුවිය අපයෝජනය කර ඇති බවත්, ඒ සඳහා 40 හැවිරිදි සැකකරු අනුබල දී ඇති බවත් විරෝධතාවයේ නියැලි සිටි වතුකම්කරුවන් කියා සිටියා.

තේ වතු ආශ්‍රිතව පිහිටි වතු නිවාසවල ජිවත් වන පාසල් වයසේ පසුවන දැරියන් නිරන්තරයෙන් මෙවැනි අපයෝජනවලට භාජනය වන බවත්, මින් ඉදිරියට එවැනි සිදුවිම් වතු ආශ්‍රිත ප්‍රදේශවල සිදු නොවිමට නම් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට උපරිම දඩුවම් ලබාදිය යුතු බවයි විරෝධතාවයේ නියැලි සිටි මේෆිල්ඩ් වතුයායේ වතු කම්කරුවන් වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15