පිතිකරුවන් පරාජයේ වගකීම සම්පූර්ණයෙන් භාරගත යුතුයි – චරිත් අසලංක

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ඊයේ (06) පැවති දෙවන විස්සයි විස්ස තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් සම්පූර්ණයෙන්ම භාරගත යුතු ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පවසනවා.

දෙවන විස්සයි විස්ස තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුව දී ශ්‍රී ලංකා නායකයා මේ බව සඳහන් කළා.

මේ අතර පන්දු යවන්නෙකු ලෙස දුෂ්මන්ත චමීර මෙම තරගයේ දී දැක්වූ දක්ෂතා ඇගයූ නායක චරිත් අසලංක, ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින අත්දැකීම් බහුලම පන්දු යවන්නා චමීර බවයි පැවසුවේ.

එමෙන්ම අද පැවැත්වෙන තුන්වන සහ අවසන් තරගයේ දී හොද තරගයක් ලබාදී තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීම බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

දෙරට අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (07) හරාරේ හිදී පැවැත්වෙන අතර, මෙරට වේලාවෙන් පස්වරු 5.00ට තරගය ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
7
+1
0
+1
4
+1
0
+1
3
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?