පිතිකරුවන් පරාජයේ වගකීම සම්පූර්ණයෙන් භාරගත යුතුයි – චරිත් අසලංක

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ඊයේ (06) පැවති දෙවන විස්සයි විස්ස තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් සම්පූර්ණයෙන්ම භාරගත යුතු ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පවසනවා.

දෙවන විස්සයි විස්ස තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුව දී ශ්‍රී ලංකා නායකයා මේ බව සඳහන් කළා.

මේ අතර පන්දු යවන්නෙකු ලෙස දුෂ්මන්ත චමීර මෙම තරගයේ දී දැක්වූ දක්ෂතා ඇගයූ නායක චරිත් අසලංක, ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින අත්දැකීම් බහුලම පන්දු යවන්නා චමීර බවයි පැවසුවේ.

එමෙන්ම අද පැවැත්වෙන තුන්වන සහ අවසන් තරගයේ දී හොද තරගයක් ලබාදී තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීම බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

දෙරට අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (07) හරාරේ හිදී පැවැත්වෙන අතර, මෙරට වේලාවෙන් පස්වරු 5.00ට තරගය ආරම්භ වනවා.

  1. මැච් බලන අපි සම්පූර්ණ වගකීම ගන්නව. පැරදුනාට පසුව මොන වගකීමක්ද බං. ඊලග මැච් එක හරියට කරපං.

  2. තමුන්නාන්සේ කැච් එක අත ඇරලා නොදන්න ගානට ෆීල්ඩ් සෙට් කරේ?
    හරියට ගෙදර මැච් එකක් වගේ.
    තමුන් ආදර්ශය දෙන්න ඕනා.
    පොර ටෝක් එපා..
    ලැජ්ජයි හලෝ.
    ඔය කැප්ටන්සිය වෙනෙ කෙනෙකුට දෙනවා තමුසේ ෆේල්

  3. කොමෙන්ට් බලන කොට දුකත් හිතෙනෙවා.දිනුම පැරදුම කියලවෙකක් තියනවනෙ.ලංකාවේ කට්ටිය සාදාකලිකවම ජයග්‍රහණය කරන්න ඔනෙද.මෙක තමයි තරගයක ස්වාභාවය .