පිතිකරුවන් පරාජයේ වගකීම සම්පූර්ණයෙන් භාරගත යුතුයි – චරිත් අසලංක

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ඊයේ (06) පැවති දෙවන විස්සයි විස්ස තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් සම්පූර්ණයෙන්ම භාරගත යුතු ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පවසනවා.

දෙවන විස්සයි විස්ස තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුව දී ශ්‍රී ලංකා නායකයා මේ බව සඳහන් කළා.

මේ අතර පන්දු යවන්නෙකු ලෙස දුෂ්මන්ත චමීර මෙම තරගයේ දී දැක්වූ දක්ෂතා ඇගයූ නායක චරිත් අසලංක, ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින අත්දැකීම් බහුලම පන්දු යවන්නා චමීර බවයි පැවසුවේ.

එමෙන්ම අද පැවැත්වෙන තුන්වන සහ අවසන් තරගයේ දී හොද තරගයක් ලබාදී තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීම බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

දෙරට අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (07) හරාරේ හිදී පැවැත්වෙන අතර, මෙරට වේලාවෙන් පස්වරු 5.00ට තරගය ආරම්භ වනවා.

  1. මැච් බලන අපි සම්පූර්ණ වගකීම ගන්නව. පැරදුනාට පසුව මොන වගකීමක්ද බං. ඊලග මැච් එක හරියට කරපං.

  2. තමුන්නාන්සේ කැච් එක අත ඇරලා නොදන්න ගානට ෆීල්ඩ් සෙට් කරේ?
    හරියට ගෙදර මැච් එකක් වගේ.
    තමුන් ආදර්ශය දෙන්න ඕනා.
    පොර ටෝක් එපා..
    ලැජ්ජයි හලෝ.
    ඔය කැප්ටන්සිය වෙනෙ කෙනෙකුට දෙනවා තමුසේ ෆේල්

  3. කොමෙන්ට් බලන කොට දුකත් හිතෙනෙවා.දිනුම පැරදුම කියලවෙකක් තියනවනෙ.ලංකාවේ කට්ටිය සාදාකලිකවම ජයග්‍රහණය කරන්න ඔනෙද.මෙක තමයි තරගයක ස්වාභාවය .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52