පිටි සහ මස් මිල ඉහළ යාමෙන් පාකිස්ථානයේ සතිපතා උද්ධමනය තවත් ඉහළ⁣ට

කුකුළු මස් ඇතුළු මස් වර්ග, සහල් සහ තිරිඟු පිටි මිල ඉහළ යාම හේතුවෙන් පාකිස්ථානයේ සතිපතා උද්ධමනය සියයට 1.09 කින් ඉහළ ගොස් ඇති බව ජියෝ ටීවී වාර්තා කරනවා.

පාකිස්ථානය සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් සිකුරාදා නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, වාර්ෂික උද්ධමනය ඉහළ ගොස් ඇත්තේ 30.60% කින්.

කුකුළු මස්, කැඩුණු බාස්මතී සහල්, තිරිඟු පිටි,කෙසෙල් , ලූණු ආදී භාණ්ඩවල මිල ඉහළ ගොස් තිබුණා.

පාන්, ලුණු කුඩු ආදියේ මිල ඉහළ යාම සංවේදී මිල දර්ශකයේ වැඩිවීම සඳහා හේතු වී තිබෙනවා.

කෙසේ වෙතත් අර්තාපල් , බිත්තර, තක්කාලි මිලෙහි අඩුවීමක් දක්නට ලැබුණා.

කුකුළු මස් මිල ඉහළ යාමට සෝයා බෝංචි ආශ්‍රිත ආහාර හිඟයක් හේතු වී ඇති අතර තිරිඟු මිල වෙනදාට වඩා ඉහළ ගොස් තිබීම විශේෂත්වයක් බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

තිරිඟු පිටි මිල ඉහළ යාම හේතු වී ඇත්තේ සින්ද් සහ පන්ජාබ් අතර මිල පරතරය හේතුවෙන් තිරිඟු මිල වෙනදාට වඩා ඉහළ යාමයි.

මේ අතර පාකිස්ථානයේ ආහාර උද්ධමනය ද සියයට 32.7කින් ඉහළ ගොස් තිබුණා.

එය පසුගිය මාසයේදී ඉහළ ගොස් ඇත්තේ පිළිවෙලින් නාගරික උද්ධමනය 32.7%කින් සහ ග්‍රාමීය උද්ධමනය 37.9ක් ලෙසයි.

වසරකට පෙර එම මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී ආහාර කාණ්ඩයේ මිල ගණන් හතරෙන් එකකින් ඉහළ ගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?