පිටි සහ මස් මිල ඉහළ යාමෙන් පාකිස්ථානයේ සතිපතා උද්ධමනය තවත් ඉහළ⁣ට

කුකුළු මස් ඇතුළු මස් වර්ග, සහල් සහ තිරිඟු පිටි මිල ඉහළ යාම හේතුවෙන් පාකිස්ථානයේ සතිපතා උද්ධමනය සියයට 1.09 කින් ඉහළ ගොස් ඇති බව ජියෝ ටීවී වාර්තා කරනවා.

පාකිස්ථානය සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් සිකුරාදා නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, වාර්ෂික උද්ධමනය ඉහළ ගොස් ඇත්තේ 30.60% කින්.

කුකුළු මස්, කැඩුණු බාස්මතී සහල්, තිරිඟු පිටි,කෙසෙල් , ලූණු ආදී භාණ්ඩවල මිල ඉහළ ගොස් තිබුණා.

පාන්, ලුණු කුඩු ආදියේ මිල ඉහළ යාම සංවේදී මිල දර්ශකයේ වැඩිවීම සඳහා හේතු වී තිබෙනවා.

කෙසේ වෙතත් අර්තාපල් , බිත්තර, තක්කාලි මිලෙහි අඩුවීමක් දක්නට ලැබුණා.

කුකුළු මස් මිල ඉහළ යාමට සෝයා බෝංචි ආශ්‍රිත ආහාර හිඟයක් හේතු වී ඇති අතර තිරිඟු මිල වෙනදාට වඩා ඉහළ ගොස් තිබීම විශේෂත්වයක් බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

තිරිඟු පිටි මිල ඉහළ යාම හේතු වී ඇත්තේ සින්ද් සහ පන්ජාබ් අතර මිල පරතරය හේතුවෙන් තිරිඟු මිල වෙනදාට වඩා ඉහළ යාමයි.

මේ අතර පාකිස්ථානයේ ආහාර උද්ධමනය ද සියයට 32.7කින් ඉහළ ගොස් තිබුණා.

එය පසුගිය මාසයේදී ඉහළ ගොස් ඇත්තේ පිළිවෙලින් නාගරික උද්ධමනය 32.7%කින් සහ ග්‍රාමීය උද්ධමනය 37.9ක් ලෙසයි.

වසරකට පෙර එම මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී ආහාර කාණ්ඩයේ මිල ගණන් හතරෙන් එකකින් ඉහළ ගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දරුවෙක්ට සර්ප දෂ්ඨනයක් වෙලා..ලෙඩාට කුදග#ගන්න කියලා OPD නිලධාරිනිය බැහැලම Card සෙල්ලමේ..
00:39
Video thumbnail
ඉරාන නෞකාව ගැන ඇමති විජිත හේරත් ඉන්දියාවට ගිහින් කෙළින්ම කියයි
02:41
Video thumbnail
විපක්ෂ නායකතුමා ඔන්න ඔයාලා හදපු රට..ලෝකෙම දැනගන්නවා අපේ විපක්ෂය විනාශකාරි කියලා
04:05
Video thumbnail
විපක්ෂය පාර්ලිමේන්තු ඇවිත් බොරු දෙසනවා..කාන්තා දිනයට ආ රුවන් සැරටම කියයි
05:12
Video thumbnail
කාටවත් යන්න දෙන්න එපා කියලා අමෙරිකාව බලපෑම් කරනවා..ශ්‍රී ලංකාව තිත් පොළක් කරගන්නද යන්නේ ?
03:47
Video thumbnail
ආපදාවට පත්වූවන් කබලෙන් ළිපට වැ#ලා..ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්ණවලට ඇහුම්කන් දෙන සජිත්
03:52
Video thumbnail
නෞකාවලට ග#නවා කියලා ඉන්දියාව දැනගෙන ඉදලා ? විමල් සියල්ල හෙළිකරයි..සත පහකට විශ්වාස කරන්න බෑ
04:18
Video thumbnail
අසේලගෙන් පාරිභෝගික අධිකාරියට සැර සත්තමක්..දැන් කෝමා වෙලාද?මොන මල කරදරයක්ද ?
04:20
Video thumbnail
පාලකයෝ ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ..හැමෝගෙම ඇස් උඩ යවපු අපේ ලංකන් කොල්ලා
05:19
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway ඒකේ පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33