පිංකැටේ කැඩූ පොලිස් කොස්තාපල්

මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ සුපිරි වෙළද සැලක තිබු පිං කැටයක් කඩා රුපියල් 1408ක මුදලක් සොරාගත් පොලිස් කොස්තාපල්වරයකු, මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරු තානාපති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව සේවයකරන පොලිස් කොස්තාපල්වරයකු බව අනාවරණය වි ඇත.

රාවතාවත්ත සුපිරි වෙළද සැලක තිබු පිං කැටයක් කැඩු පුද්ගලයකු එම වෙළදසැලේ සේවකයන් විසින් අල්ලාගෙන සිටින බවට ගල්කිස්ස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලැබුනු තොරතුරකට අනුව,සිදුකල දැනුම්දිමක් මත මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ සැකකරු විසින් සොරාගෙන ඇත්තේ පුණ්‍යායතනයක් විසින් අසරණ වැඩිහිටියන්ගේ ඇසේ සුද ඉවත්කිරි්මේ අරමුණින් අරමුදල් එකතුකිරිමට එම වෙළද සැලේ තබා තිබු පිංකැටයක් බවයි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා සොරාගත් එම පිං කැටයේ තිබි ඇත්තේ රුපියල් 1408ක මුදලක් බව පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට පත් පොලිස් කොස්තාපල්වරයා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරිමට නියමිතව තිබුණි.මොරටුව පොලිසිය මෙි පිලිබදව වැඩිදුර විමර්ශණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?