පෑනක් ආකාරයේ නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සමග පුද්ගලයකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුව ඊයේ (03) පස්වරුවේ පානදුර – හොරේතුඩුව පාලම අසලදියි කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගැනුණේ.
සැක කටයුතු ලෙස සිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමේ දී ඔහුගේ සාක්කුවේ දමා සිටි විදේශ රටක නිෂ්පාදිත පෑනක් ආකාරයෙන් භාවිතා කළ හැකි ගිනිඅවියක් සහා එම අවියට යොදන ජීව උණ්ඩ තුනක්, අවිය බහාලන බහළුමක් ද සොයා ගැනුණා.
පොලිසිය ප්‍රකාශ කරන්නේ මෙම ගිනි අවිය විදේශ රටක නිෂ්පාදිත ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙන මනුෂ්‍ය ඝාතනයක් සඳහා ඉතා සූක්ෂ්ම ලෙස ගිනි අවිය යොදාගත හැකි බවයි.
දිගින් අඟල් හතරහමාරක් පමණ වන මෙම ගිනිඅවිය පුද්ගලයකු ඝාතනය කිරීම සඳහා ඕනෑම අවස්ථාවක දී ගෙන යා හැකි ආකාරයෙන් නිෂ්පාදිත එකක්.
මෙම ගිනි අවිය කුමන හේතුවක් සඳහා සැකකරු සන්තකයේ තබා ගත්තේ ද යන්න පිළිබඳ ව කළුතර අපරාධ කොට්ඨාසය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනවා.
සැකකරු 43 හැවිරිදි වියේ පසුවන මොරටුව – මෝල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහුව අද (04) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.





