පෑනක වෙස් ගත් ගිනිඅවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

පෑනක් ආකාරයේ නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සමග පුද්ගලයකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුව ඊයේ (03) පස්වරුවේ පානදුර – හොරේතුඩුව පාලම අසලදියි කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගැනුණේ.

සැක කටයුතු ලෙස සිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමේ දී ඔහුගේ සාක්කුවේ දමා සිටි විදේශ රටක නිෂ්පාදිත පෑනක් ආකාරයෙන් භාවිතා කළ හැකි ගිනිඅවියක් සහා එම අවියට යොදන ජීව උණ්ඩ තුනක්, අවිය බහාලන බහළුමක් ද සොයා ගැනුණා.

පොලිසිය ප්‍රකාශ කරන්නේ මෙම ගිනි අවිය විදේශ රටක නිෂ්පාදිත ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙන මනුෂ්‍ය ඝාතනයක් සඳහා ඉතා සූක්ෂ්ම ලෙස ගිනි අවිය යොදාගත හැකි බවයි.

දිගින් අඟල් හතරහමාරක් පමණ වන මෙම ගිනිඅවිය පුද්ගලයකු ඝාතනය කිරීම සඳහා ඕනෑම අවස්ථාවක දී ගෙන යා හැකි ආකාරයෙන් නිෂ්පාදිත එකක්.

මෙම ගිනි අවිය කුමන හේතුවක් සඳහා සැකකරු සන්තකයේ තබා ගත්තේ ද යන්න පිළිබඳ ව කළුතර අපරාධ කොට්ඨාසය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනවා.

සැකකරු 43 හැවිරිදි වියේ පසුවන මොරටුව – මෝල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහුව අද (04) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

  1. අතිශයින්ම බිහිසුණු පරිසරයක්‌ රටේ නිදහසේ රාජ්‍ය නායකයින් ගමන් බිමන් නොයා යුතුයි.. සතුරා බොහොම බලවත් අමතක කරන්න එපා බලයේ සිටියේ අපරාද කාරයෝ බව



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01