පෑනක් වගේ ගිනි අවියක් ගාල්ලේ නාගොඩින් සොයාගැනේ (ඡායාරූප)

ගාල්ල, නාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව නාගොඩ, අළුත්තානායම්ගොඩ ප්‍රදේශයේදී විදෙස් රටක නිෂ්පාදිත පෑනක ස්වරූපයේ එක් උණ්ඩයක් පමණක් යෙදිය හැකි අර්ධ ස්වංක්‍රීය ගිනි අවියක්, එයට යොදන පතොරොම් 02 ක් හා භාවිතා කරන ලද පතොරොම් කොපු 05 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 23 ක් වන මාපලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම ගිනි අවිය සම්බන්ධයෙන් නාගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
7
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?