AFC Banner
AFC Banner
Empty Ad

පැල් රකින්න හේනට ගිය ගොවියා වන අලියාට බිලිවෙයි (වීඩියෝ)

තිරප්පනය වෙල්ලමුදාව ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෙල්ලමුදාව ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි දෙදරු පියෙක්.

හේන් ගොවිතැන ජීවිකාව කර ගත් ඔහු වන අලින්ගෙන් තම වගාව බේරා ගැනීම සඳහා පැල් රැකීමට හේනට යමින් සිටියදී මෙලෙස වන අලි පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (16) සවස 7ට පමණ වෙල්ලමුදාව වැව් ඉස්මත්තේ ඇති තම හේනට යතුරු පැදියකින් යමින් සිටි මෙම පුද්ගලයාට හේනට මීටර 50ක් පමණ ආසන්න ස්ථානයකදී යි වන අලියා පහරදී ඇත්තේ.

වන අලි පහරදීමෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.‍

ප්‍රදේශවාසීන් පවසන්නේ නිරන්තරයෙන් වන අලින් තම ගම්මානයට කඩා වදින අතර රැයක් දවාලක් නොමැතිව වන අලින් ගම්මානයේ ගැවසීම හේතුවෙන් තමන් දැඩි බියකින් ජීවත් වන බවයි.

මේ වන විට තම ගම්මානයේ පුද්ගලයින් 4 දෙනෙකු වන අලි පහරදීමෙන් මේ වන විට ජීවිතක්ෂයට පත් ව ඇති බව ද ඔවුන් සඳහන් කළා.

ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ දේහය මේ වන විට ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (18) සිදු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?