පැරා ඔලිම්පික් ශූරයා මදුරන්කුලියේ දී දුම්රියේ ගැටී ජීවිතක්ෂයට

බූස්ස යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු හමුදා සෙබළෙක් මදුරන්කුලිය ප්‍රදේශයේ දී දුම්රියේ ගැටීමෙන් පත්ව තිබෙනවා.

මෙම හමුදා සෙබළා ඊයේ (16) පස්වරුවේ මදුරන්කුලිය නගරයට ආසන්නයේ දී දුම්රියේ ගැටී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මදුරන්කුලිය, කීර්තිසිංහගම ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම හමුදා සෙබළා නිවාඩු ලබා තම නිවසට පැමිණෙමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් බූස්ස පිහිටි අතිරේක භට රෙජිමේන්තුවට අනියුක්තව සේවය කරමින් සිටි වර්ණකුලසූරිය
අමිල ප්‍රභාත් නැමැති වයස 35ක සෙබළෙක්.

මෙම හමුදා සෙබළා පැරා ඔලිම්පික් රන් පදක්කම් ලාභියෙක් ද වන බවයි තොරතුරු වාර්තා වුණේ.

මොහු 2018 වසරේ දී ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ඉන්දුනිසියාවේ පැවැති පැරා ඔලිම්පික් තරගාවලියට සහභාගිව ජයග්‍රහණ අත්කරගෙන තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය පුත්තලම මූලික රෝහලේ දී අද (17) දින සිදු කිරීමට නියමිතව තිබෙනවා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
19
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?