AFC Banner
AFC Banner
Empty Ad

පැරණි ක්‍රමවේදයට අනුව වීසා ලබාදීමෙන් ගුවන් මගීන්ට සහනයක්

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මෙතෙක් අත්හිහිටුවා තිබූ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර (Online Visa) ලබා දීම අද (27) දින අලුයම 12.00 සිට යළි ආරම්භ වී තිබෙනවා.

එම හේතුවෙන් මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ලබා ගත යුතු (On Arrivel Visa) වීසා බලපත්‍ර ලබා ගැනීම සදහා වූ පෝලිම බොහෝ සෙයින් අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

එසේම රටවල් 14 කට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගැනීමට ආරක්ෂක හේතූන් මත නොහැකි වී තිබෙනවා.

එම රටවල වැසියන් මෙරටට පැමිණීම සඳහා මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ලබා ගැනීම හෝ එම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් වීසා බලපත්‍ර ලබා ගැනීම සිදුකළ යුතු බවයි වාර්තා වන්නේ.

මේ තත්ත්වය ශ්‍රී ලංකාවට යළිත් සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් ඇති වීමට බලපා තිබෙන අතර ඉදිරි මාස කීපය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ කාළය උදා වීමට නියමිතයි.

මෙම වසර තුළ දී ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන් 23 ලක්ෂයක් රැගෙන ඒමට මෙරට බලාපොරොත්තුවන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?